Monday, May 20, 2024
Home » අද දවස

අද දවස

by mahesh
May 10, 2024 1:00 am 0 comment

රාහු කාලය 
උදේ 10.34 – 12.07 දක්වා 
රාත්‍රී 10.39 – 12.07 දක්වා 
දිව්‍යමය සුබ මුහුර්ත 
ගමන් යාමට 
උදේ 06.01ට උතුර බලා 
උදේ 07.21ට උතුර බලා 
ලොතරැයි මිලදී ගැනීමට 
උදේ 08.17ට උතුර බලා 
උදේ 08.52ට උතුර බලා 
පැළ සිටුවීමට 
උදේ 09.01ට උතුර බලා 
සවස 04.04ට උතුර බලා

මේෂ 
හදිසි ධන ලාභ

හදිසි ධන ලාභ පෙන්වයි. ජීවිතය වෙනදාට වඩා ප්‍රබෝධවත් ගතියක් පළවේ. යහපත් ඇසුරට පත් වේ. බොහෝ පිරිස් බලයක් හිමි වේ. තුනටියට අගුණය.

වෘෂභ
නව අදහස් රැසක් ක්‍රියාවට

ඉතා පැහැදිලි සතුටුදායක තත්ත්වයක් නව අදහස් රැසක් ක්‍රියාවට නැංවේ. පොදු වැඩ කටයුතුද බහුල වනු ඇත. නිර්මාණශීලී බව වැඩි දියුණු වේ. කලාකාමී අදහස් පළ වේ.

මිථුන
පිටරට ගමන් යෙදේ

පිටරට ගමන් පිටරට ආයෝජන සිදුකිරීමට අවස්ථාව උදාවේ. ජීවිතයේ ස්වර්ණමය යුගයකට අඩිතාලම දැමේ. බොහෝවිට රැකියා ස්ථානගත වරප්‍රසාද හිමිවනු ඇත.

කටක
නව ආයෝජනයකට මගපෑදේ

ඉතා යහපත් ආර්ථිකමය පසුබිමකට වාසනාව පෑදේ. නව ආයෝජනයකට පියවර තැබෙන අතර තම දරුවන් වෙනුවෙන් වඩාත්ම කැපවෙනු ඇත.

සිංහ
නව රැකියා අභිවෘද්ධිය

බොහෝවිට රැකියාගත අභිවෘද්ධිය උදාවේ. සතුරු බාධා දුරු වේ. තම ඥාති සබඳතා පුළුල් වේ. පවුලට නව සාමාජිකයකුද එකතු වේ. වාහන පල නව නිවාස පල උදාවේ.

කන්‍යා
පුණ්‍යවන්ත දිනක්

ඉතා පුණ්‍යවන්ත දිනයකි. බොහෝ සතුටුදායක අවස්ථා තම පවුල වෙනුවෙන් උදාවේ. ආකර්ෂණීය බව නිසා ප්‍රදේශවාසී බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් කැපවෙනු ඇත.

තුලා
නොකළ වරදකට දඬුවම්

ප්‍රවේශම අවදානය අත්‍යවශ්‍යයි. නැතහොත් තමා නොකළ වරදකට උසාවි පොලිසි යාමට පවා සිදුවේ. කට වරද්දවා ගන්නට යන වදන නිතර නිතර ඇසීමට සිදුවේ.

වෘශ්චික
ඉතා ප්‍රශස්ත දිනකි

ඉතා ප්‍රශස්ත දිනකි. තම මවුපිය සෙනෙහස වැඩිපුර දැනෙන දිනකි. ගෘහ කටයුතු බහුල වේ. කාගෙත් සිත් දැනගෙන කටයුතු ආරම්භයට මග සැලසේ.

ධනු
ශරීර සෞඛ්‍යයට තර්ජන

තම රාජකාරි වෙනුවෙන් දුර බැහැර වගකීමක් ඉටුකිරීමට යාමට සිදුවේ. යටිබඩේ අපහසුතා අසනීප මතු කෙරේ. වියදම උග්‍රවන අතර ආහාර විෂ වීමක් හෝ අගුණවීමක් මතුවීමට පුළුවන.

මකර
නව ආර්ථික ප්‍රවණතා

නව ආර්ථික ප්‍රවර්ධන සිදුවේ. නවතා දමා තිබූ ව්‍යාපාර කර්මාන්ත යළි ආරම්භ කිරීමට අවස්ථාව. ඉල්ලුම් කර තිබූ ණය මුදලක් තමාට හිමි වේ. ජීවිතයේ අභියෝග ජය ගත හැකි වෙයි.

කුම්භ
වාහන පල

ඉතා සුබයි. වාහන පල නව නිවාස පල සමඟ වෘත්තියේ උසස් තලයට යාමක් ද පෙන්වයි. කලක සිට පැවති මද කැස්සක් දුරදිගයාම නිසා පල අඩුවේ.

මීන
දේපළ හිමිකම

නව නිවාස ව්‍යාපෘතියකට අත ගැසීම ඉතා සුබවාදී වෙයි. ඔබට දැනට තිබෙන අපල අනුව වැඩිපුර විනෝදාස්වාදයට පෙලඹීම වෙන අයට මෙන් නොව ඉදිරිය සුබයි.

සුබසෙත හිටපු කර්තෘ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය වේදී අජිත් ධර්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT