Monday, May 20, 2024
Home » ශුද්ධ වූ ඩිෆ්නා මුනිවරියගේ දෙව්මැඳුරේ වාර්ෂික මංගලෝත්සවය 12දා

ශුද්ධ වූ ඩිෆ්නා මුනිවරියගේ දෙව්මැඳුරේ වාර්ෂික මංගලෝත්සවය 12දා

by sachintha
May 9, 2024 2:59 am 0 comment

ස්නායු හා මානසික රෝගීන්ගේ සුව සහනයේ සාන්තුවරියට කැපකොට ඇති, ලංකාවේ එකම දෙව්මැඳුර වන හලාවත රදගුරු පදවියේ පාන්කුලාව මීසමේ අත්තංගනයේ ශුද්ධ වූ ඩිෆ්නා මුනිවරියගේ දෙව්මැඳුරේ වාර්ෂික මංගලෝත්සවය එළැඹෙන 12 වැනි දිනට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් 11 වැනිදා පස්වරු 7.00ට හලාවත පදවි ජනවන්දනා අධ්‍යක්ෂ සුජාන් නිශ්ශංක පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සන්ධ්‍යා මෙහෙය පැවැත්වේ. පසු දින (12) පෙරවරු 8.30ට මංගල්‍යය දිව්‍ය පූජාව, සීදූව සුපුවත් අරණ නිර්මාතෘ හා අධ්‍යක්ෂක ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මංගල්‍යය දින පෙරවරු 11.30, පස්වරු 4.00 සහ පස්වරු 6.30ට සෙසු දිව්‍ය පූජාවන් පැවැත්වෙන අතර, මීසම් සේවක ගරු ඩෙනිස් ගයාන් පියතුමන් ඇතුළු අත්තංගනය කිතුනු ජනතාව විසින් මංගලෝත්සවය සංවිධාන කරනු ලබති.

 

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT