Monday, May 20, 2024
Home » රෝගීව සිටි වන අලියකුට බෝට්ටුවක් ආධාරයෙන් කණ්ඩලම වැව මැද දී ප්‍රතිකාර

රෝගීව සිටි වන අලියකුට බෝට්ටුවක් ආධාරයෙන් කණ්ඩලම වැව මැද දී ප්‍රතිකාර

by sachintha
May 9, 2024 2:52 am 0 comment

වෙඩි වැදී හෝ අනතුරකට ලක්ව දින ගණනාවක් කණ්ඩලම කළුදිය පොකුණ රක්ෂිතයේ රෝගාතුරව වේදනාවෙන් සිටින වන අලියකුට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව බෝට්ටුවකින් ගොස් කණ්ඩලම වැව මැද දී ප්‍රතිකාර කිරීමට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමකට පෙරේදා (07) පස්වරුවේ හැකිවිණි.

ප්‍රදේශවාසීන්ගේන් ලද තොරතුරකට අනුව සීගිරිය වනජීවී කාර්යාල නිලධාරීන් මෙම වන අලියා සොයා දින දෙකක් කණ්ඩලම හා අවට ප්‍රදේශවල මෙහෙයුම් සිදු කිරීමෙන් අනතුරුව වන අලියා මීට දින දෙකකට ඉහතදී කණ්ඩලම වැවේ බැස සිටියදී නිරීක්ෂණය කරගැනීමට සීගිරිය වන ජීවී නිලධාරීන්ට හැකි වී තිබේ. මෙම වන අලියා කිසියම් ආබාධයකින් පෙළෙන බවට මේ වන විට වන ජීවී නිලධාරීන් තහවුරු කරගෙන තිබෙන අතර මෙම අලියා ඇවිද යාමට හා ආහාර ගැනීමට රුචිකත්වයක් නොදක්වන බව ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීහු පවසති.

ජලයේ සිටි මෙම වන අලියා හට දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක මෝටර් බෝට්ටුවක් ආධාරයෙන් ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් ප්‍රතිකාර කිරීම සිදු කළේය.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT