Home » රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මාතලේදී

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මාතලේදී

by mahesh
May 10, 2024 1:00 am 0 comment

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර එම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ජාවක් මහා සංඝරත්නයේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙනේ දී පැවැත්විණි. 2024 මැයි මස 21 වැනි දින රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ජාතික වෙසක් උත්සවය ආගමික ශාසනික ප්‍රබෝධය ඇති වන ලෙස අංග රැසක් ඇතුළත්ව උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. මැයි 21 සිට 27 වැනි දින දක්වා ජාතික උත්සවය සතියක් පුරා සැමරීමට පියවර ගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ආවරණය කරමින් විවිධ ආගමික,ශාසනික හා සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

මහා සංඝරත්නය,මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්,සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මාතලේ මධ්‍යම සමූහ-සිරි අබයසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT