Monday, May 20, 2024
Home » වසර 200කට පෙර පියනමක් සිටුවූ කොහොඹ ගහ කොන්ත්‍රාත්කරුවෙක් කපලා

වසර 200කට පෙර පියනමක් සිටුවූ කොහොඹ ගහ කොන්ත්‍රාත්කරුවෙක් කපලා

by mahesh
May 10, 2024 1:00 am 0 comment

යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ දේවස්ථානයක තිබූ වසර 200ක් පමණ ඉපැරණි කොහොඹ ගසක් කිසිදු අවසරයක් ලබා නොගෙන පෙරේදා (08) සවස කපාදැමීමත් සමඟම ප්‍රදේශයේ වැසියන් තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

එම කොහොඹ ගස දකුණු ඉන්දියාවෙන් රැගෙනවිත් කතෝලික පියතුමෙකු විසින් දේවස්ථාන භූමියේ මීට වසර 200 කට පමණ ඉහතදී රෝපණය කළ බව යාපනයේ වැසියෝ ප්‍රකාශ කොට ඇත්තේ මීට වසර කීපයකට ඉහතදීය.

කපන ලද කොහොඹ ගස කපා ඇත්තේ පළාතේ දැව කොන්ත්‍රාත්කරුවකු විසින් බවත් ඔහු ඒ සඳහා රුපියල් එක්ලක්ෂ අසූදහසක මුදලක් අදාළ දේවස්ථනයේ එක් පියතුමෙකුට ගෙවා අති බවත් දේවස්ථානයේ දායකයෝ පවසා සිටිති.

ප්‍රධාන දේවගැතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පවසන දායකයෝ කොහොඹ ගස කැපීම සඳහා දේවස්ථානයේ දායක සභාව කිසිම තීන්දුවක් ගෙන නැතැයිද දායකයෝ පවසා සිටිති.

කොහොඹ ගස කපා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දේවස්ථානයේ දායක සභාව මේ මස 12 වැනිදා විශේෂ සභාවක් කැඳවා තිබේ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT