Home » නව්‍යතාවකින් නවලොව වෙත පිවිසීමට මුල්ලේගම විදුහලේ දරුවන්ට වැඩසටහනක්

නව්‍යතාවකින් නවලොව වෙත පිවිසීමට මුල්ලේගම විදුහලේ දරුවන්ට වැඩසටහනක්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

හෝමාගම අධ්‍යාපන කලාපයේ මුල්ලේගම මහා විද්‍යාලයේ දරුවන් ඉලක්ක කර ගනිමින් නව්‍යතාවකින් නවලොව වෙත පිවිසීමත් ඒ තුළින් තම ගමන්මඟෙහි සාර්ථකව ගමන් කිරීමටත් අත්වැලක් සපයමින් සංවිධානය කළ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් පසුගියදා මුල්ලේගම මහා විද්‍යාලයේදී පැවැත්විණි.

අදියර දෙකකින් සමන්විත මෙම වැඩසටහනෙහි පළමු අදියර ලෙස අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විභාගයට සාර්ථකව සූදානම් වන ආකාරයත් උසස් පෙළ විභාගය සඳහා විෂය ධාරාවන් තෝරාගන්නා ආකාරය හා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධව සිසුන් දැනුම්වත් කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

එම විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසුන් සඳහා කාණ්ඩ විෂයයන් තෝරා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම දෙවැනි අදියර ලෙස මෙම වැඩසටහනේ අන්තර්ගත විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන සංවිධානය සහ සම්පත් දායකත්වය කාර්යාලයීය නිපුණතා සංවර්ධන නිලධාරීන් සහ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරන ලද අතර ඒ සඳහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියෝද සහභාගි වූහ.

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT