Monday, May 20, 2024
Home » කොටියාකුඹුරේ වැටලීමකදී ගංජා සමඟ තරුණයෙක් කොටු – තවත් අයෙක් පැන ගිහින්

කොටියාකුඹුරේ වැටලීමකදී ගංජා සමඟ තරුණයෙක් කොටු – තවත් අයෙක් පැන ගිහින්

by sachintha
May 9, 2024 1:55 am 0 comment

 

කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණිය පොලිස් වසමේ කොටියාකුඹුර නගරයේදී පෙරේදා (07) රාත්‍රී ගංජා කිලෝග්‍රෑම් එකක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවැසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි තරුණයෙකි. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට පිංදෙණිය කොටියාකුඹුර නගරයේ පා ගමනින් තරුණයින් දෙදෙනෙක් ගංජා රැගෙන යන බවට තොරතුරක් ලැබී තිබේ. පසුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර, පොලිස් සැරයන් රොෂාන් (69319), පොලිස් කොස්තාපල්වරුන් වන කුමාර (28261), ගිහාන් සමරනායක (85316), පොලිස් කොස්තාපල් රියැදුරු මධුෂාන් (89818) යන නිලධාරීන් කණ්ඩායම කොටියාකුඹුර නගරයට ගොස් තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එක් තරුණයෙක් පැන ගොස් තිබේ.

සෙසු තරුණායා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සන්තකයේ තබාගෙන සිටි බෑගය පරීක්ෂා කිරීමේදී ගංජා කිලෝග්‍රෑම් එකක් හමුවූ බව පොලිසිය පැවසීය. එහිදී සැකකරු කියා ඇත්තේ එය තම බිරිය කතරගම සිට ගෙනත් දුන් බවය. පැන ගිය සැකකරු ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හා ගංජා තොගය පිංදෙණිය පොලිසියට භාර දී තිබේ. සැකකරු ඊයේ (08) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT