සතර කෝරලයේ ජනතාව අතිශයින්ම කනගාටුවට පත්කරමින් ලබාදුන් නඩු තීන්දුවට වසර 160ක් සම්පූර්ණ වේ.
1864 වර්ෂයේ මැයි මස 7වැනිදා පෙරවරු 9.00ට මහනුවර බෝගම්බර පෝරකයේදී යුෂ්මතුන් පණ යනතුරු බෙල්ලෙන් එල්ලා මරණ ලෙස නියෝගය කරමින් මෙම නඩු තීන්දුව මහනුවර අධිකරණය විසින් උතුවන්කන්දේ දිකිරි කෑවගේ සරදියෙල් සහ මමිමලේ මරික්කාර් යන දෙදෙනාට විරුද්ධව ලබා දුන්නේය.
1832 මාර්තු මස 25 දින උපත ලදැයි සැලකෙන සරදියෙල් වසර 32ක් වැනි කාලයක් ජීවත්ව සිටි අයෙකි. වයස අවුරුදු 16 සිටම බ්‍රිතාන්‍ය පාලකයින්ට සහ බ්‍රිතාන්‍යයන්ට ගැතිකම් කළ ස්වදේශිකයන්ට සරදියෙල් අභියෝගයක් විය. එවකට පැවැති ආඩුවට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළ අයෙකු ලෙස ඉංග්‍රිසි ආණ්ඩුව සරදියල් හැඳින්වුවද සතර කෝරලයේ උතුවන්කන්ද හා ඒ අවට ප්‍රදේශයේ ජනතාව එදත් අදත් සරදියල්ව සිහිපත් කරන්නේ ගෞරව පූර්වක හැඟීමෙන් යුතුවයි.
යුරෝපයේ රයින් මාලිගය නමින් හැඳින්වෙන සුවිසල් මැදුරේ දුම් කුලුනේ හැඩයට ඈතට දිවෙන උතුවන්කන්ද ඔවුන් හඳුන්වන්නේ කාසල් නමිනි. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය කරුඬුපන හන්දිය පසුකර මාවනැල්ල දෙසට ගමන් කරන විට එදා ඉංග්‍රීසීන් දුටු ඒ මනරම් කඳු වැටිය අද ද දක්නට ලැබේ. සරදියල් සිය ආරක්ෂාව සඳහා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් තෝරගෙන ඇත්තේ මෙම ස්ථානයයි. වර්තමානයේ මෙම ස්ථානයේ වටපිටාව ප්‍රයෝජනයට ගනිමින් සරදියෙල් දිවියේ වික්‍රමයන් විවිධ රූපකායන්ට නඟා එම ස්ථානය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ස්ථානයක් බවට පත් කර තිබෙන අයුරු දැක ගැනීමට පුළුවන.
සරදියෙල් දිවියේ එක් අවස්ථාවක වික්ටෝරියා මහ රැජිනගේ උත්සවයක් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල කච්චේරියේදී පැවැත්විණි. ඒ උත්සවයට ඉතාම සූක්ෂ්ම අන්දමින් පණිවිඩයක් යවමින් ඉංග්‍රීසි ද්‍රෝහීයනේ තොපි අපේ රටින් වාහම පිටවෙයව් යනුවෙන් පණිවුඩයක් යවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස කෑගල්ල උප දිසාපතිවරයා විසින් සරදියෙල් අල්ලා වික්ටෝරියා මහ රැජිනගේ ආණ්ඩුවට දිය යුතු යැයි ආඥාවක් නිකුත් කළේය.
ඒ අනුව 1963 දෙසැම්බර් මස 4 වන දින පොලිස් මැකානි විසින් සරදියෙල් අල්ලා ගැනීමට පොලිස් බළකායක් යැවීමට පිවර ගැණිනි. සරදියෙල් අල්ලාදෙන කෙනෙකුට පවුම් සියයක් ලබාදෙන බවට ප්‍රසිද්ධ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
1864 මාර්තු මස 21 වෙන දින මහනුවර පොලිසියේ සාජන් මාහටි සහ කොස්තාපල් සභාන් මාවනැල්ල දෙසට එමින් සිටියදී ලැබුණු තොරතුරකට කාදර්ගේ නිවස වැටලීය. එහිදී මමිමලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් සභාන් නමැති පොලිස් නිලධාරියා මැරී වැටුණි. සාජන්ට් මාහටි එල්ලකරන ලද වෙඩි පහරකින් සරදියෙල්ගේ කකුලකට වෙඩි වැදී වැටී සිටි සරදියෙල්ගේ අතකට බැටන් පොලු පහරක් එල්ල කරමින් ඔහු තවත් දුර්වල කෙරිණි.
මෙලෙස දුර්වල කරමින් අත්අඩංගුවට ගත් සරදියෙල් සහ මමිමලේගේ දෙඅත් දෙපා බැඳ අශ්ව කරත්තයකට පටවා හමුදා රැකවරණය යටතේ මහනුවරට ගෙන තොම්සන් නමැති විනිශ්චයකාරවරයා විසින් ජූරි සභාවක් ඉදිරියේ පවත්වන ලද නඩු විභාගයකින් පසුව වරදකරුවන් වූ සරදියෙල් සහ මමිමලේ යන දෙදෙනාට 1864 මැයි මස 4 වන දින එල්ලා මරණ දිනය බවට ප්‍රකාශයට පත් කළ ද පසුව එය මැයි හත්වැනි දින දක්වා කල් තැබීය.
මේ ප්‍රකාශයෙන් පසුව සරදියෙල් සහ මමිමලේ මරික්කාර් 1984 මැයි 07 දින මහනුවර ප්‍රසිද්ධ වෙළෙඳපොළ ඉදිරියේ දෙනෝදහක් දෙනා කඳුළු පිරී දෙනෙතින් යුතුව ගල් ගැසී බලා සිටිය දී එල්ලා මරා දමන ලද්දේ මීට වසර 160 කට ඉහතදීය.
රඹුක්කන – කුමාරතුංග