Monday, May 20, 2024
Home » චීනයේ මා කළ නිල සංචාරයේදී අවබෝධතා ගිවිසුම් නවයක් අත්සන් කළා -අගමැති දිනේෂ් ගුණවර්ධන

චීනයේ මා කළ නිල සංචාරයේදී අවබෝධතා ගිවිසුම් නවයක් අත්සන් කළා -අගමැති දිනේෂ් ගුණවර්ධන

by sachintha
May 9, 2024 1:55 am 0 comment

ශ්‍රී ලංකා අගමැතිවරයා ලෙස, සිය චීන නිල සංචාරයේදී අවබෝධතා ගිවිසුම් නවයක් අත්සන් කළ බවත් හදිසි මානුෂික ආධාර යටතේ සහල්, ධීවර දැල්, නිවාස පහසුකම් ලබා දෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මන්ත්‍රීවරයා ඊයේ (08) මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ඒ අනුව එක ගිවිසුමක් යටතේ, චීනය විසින් යුවාන් මිලියන 35.7ක වටිනාකමින් යුත් සහල් ටොන් 1630ක් ද, ධීවර දැල් 75,000ක් ද, පෙර සකසන ලද නිවාස 500ක්ද මෙරට ධීවර ජනතාවට ඉදිරි මාස දෙක තුළ හිමිවීමට නියමිතයි.

චීන රජයේ ආරාධනය යටතේ මාර්තු 25 සිට 30 වනදා දක්වා නිරත වූ චීන නිල සංචාරය ඉතා සාර්ථක සංචාරයක්.

චීනය, ශ්‍රී ලංකා අගමැතිවරයාට කරන ලද ආරාධනයක් පරිදි එම සංචාරයේ අප යෙදුණා. එය ඉතාම සාර්ථක නිල සංචාරයක්. එහිදී ෂී ජින්පින් ජනාධිපතිතුමා හමුවීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා ශක්තියක්. ඒ වාගේම චීන අගමැති Li Qiang හමුවීමෙන් තවත් අපි ශක්තියක් අපේ රටට ඇති කර ගත්තා.

ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සම්බන්ධව චීන රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා. තවත් ගිවිසුම් 8කට අත්සන් තබනු ලැබුවා. ධීවර ක්ෂේත්‍රය සම්බන්ධව අපේ ධීවර රාජ්‍ය ඇමැතිතුමත් හිටියා. මහජන චීන ජනරජයේ මානුෂීය ආධාර පරිත්‍යාග වැඩසටහන යටතේ ධීවර දැල්, නිවාස පහසුකම් ඇති කිරීම, සහල් ආධාරය ලබා දීම ක්‍රියාත්මක කිරීම පිණිස නිල හුවමාරු ලිපියකට අපි අත්සන් තැබුවා. චීනය ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ව්‍යාපෘතිය යටතේ RMB යුවාන් මිලියන 35.7ක වටිනාකමකින් යුත් සහල් ටොන් 1630ක් පමණ, ධීවර දැල් 75000ක්, අපේ ගරු ඇමැතිතුමා විශේෂයෙන් මේ ගැන ඩග්ලස් දේවානන්දා ඇමැතිතුමා මැදිහත් වෙලා තිබෙනවා. පෙර සකසන ලද නිවාස 500ක් මෙරට ධීවර ජනතාවට හිමි වීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT