Monday, May 20, 2024
Home » එකම දිනක 13 දෙ‍ෙනක් බඹරකන්ද ඇල්ලේ උඩ සිට කඹයෙන් පහළට

එකම දිනක 13 දෙ‍ෙනක් බඹරකන්ද ඇල්ලේ උඩ සිට කඹයෙන් පහළට

by sachintha
March 28, 2024 1:50 am 0 comment

ලංකාවේ උසම දිය ඇල්ලවන අඩි 863 (මිටර්263ක්) උස බඹරකන්ද ඇල්ලෙන් පළමුවරට එකම දිනයක දි වෙද්‍යවරයෙකු, තරුණ කාන්තාවන් තිදෙනකු ඇතුළු 13 දෙනකු පහළට බැසීමේ අවදානම් සහගත ක්‍රිඩාවක යෙදෙමින් වාර්තාවක් තැබුහ. ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහිත ක්‍රිඩාවල යෙදෙන වැඩිම පිරිසක් එකම දිනයකදි බඹරකන්ද දිය ඇල්ලෙන් පහළට බසින ලද පළමු අවස්ථාව මෙය බව ඔවුහු පැවසුහ.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සංචාරකයකුද මෙම ත්‍රාසජනක ක්‍රිඩාව සඳහා එක් ව සිට ඇත.

මාවෙල්ස් ශ්‍රී ලංකා නම් අවදානම් සහිත ක්‍රිඩාවල යෙදෙන කණ්ඩායමක සාමාජිකයෝ එහි උපදෙස් අනුව මේ අත්දැකීම ලැබුහ.

උපදේශකවරුන් මෙම අවස්ථාව අධික්ෂණය කළහ. දිය ඇල්ලෙන් පහළට බැසිමට පෙර තම කැමත්තෙන් එය සිදු කරන බව ඔවුන් ලියැවිලිවලට අත්සන් කර තිබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආගමන විගමන අංශයේෙ වෛද්‍යවරයෙක් වන වෛද්‍ය ප්‍රසාද් හේරත් ද මෙම දිය ඇල්ලේන් බැසීමට සහභාගි විය.

ත්‍රාසජනක ක්‍රිඩාවල යෙදෙන සමුහයක් එකම දිනයක බබර කන්ද දිය ඇල්ල කඹයක් ආධාරයෙන් පහළට බැසීම සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙයට පෙර ලංකාවේ දියඇලිවලින් බසින ක්‍රිඩකයන් කිහිප දෙනෙකු තනි තනිව බඹරකන්ද ඇල්ලෙන් පහළට බැස ඇතත් එක් දිනයකදී වැඩිම පිරිසක් දිය ඇල්ලෙන් පහළට බැස නැති බව මෙම අවස්ථාවට සහභාගී වු වෙද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසිය.

එක් අයෙකු දිය ඇල්ලේ තරමක් දුරට බැසගිය විට තවත් අයෙකු දිය ඇල්ලෙන් පහළට බැසීම ආරම්භ කළේය.

සාමාන්‍යයෙන් එක් අයෙකුට මෙම දිය ඇල්ලෙන් පහළට බැසිමට විනාඩි විස්සකට ආසන්න කාලයක් ගත විය.

පළමු වරට දිය ඇල්ලෙන් බසින අයගේ උද්‍යෝයගය වෙනුවෙන් මාවෙල්ස් ශ්‍රිලංකා නම් ත්‍රාසජනක ක්‍රිඩා සංගමයේ ප්‍රවිණයන් කිහිප දෙනක් දිය ඇල්ලෙන් බැස සහයෝගය දැක්වුහ.

ඔවුන් ඊට පෙර අවස්ථාවක දිය ඇල්ලෙන් බැස අත්දැකීම් ලබා තිබූ අයයි. බඹරකන්ද දිය ඇල්ලෙන් පහළට බැස්ස මෙම කණ්ඩායම මිට පෙර විවිධ අවදානම් ක්‍රිඩාවල යෙදි තිබේ.

ලංකාවේ ප්‍රථම වරට නෙළුම් කුළුණෙන් බැස ඇත්තේද මෙම කණ්ඩායම බව වෙද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසිය.

මෙය විශේෂ අත්දැකීමක්. ජලයේ සිසිලස, සුළං තත්ත්වයන් වාගේ ම දිය ඇල්ලේ ගල් පර්වතය මේවා අධ්‍යනය කරමින් කඹය ආධාරයෙන් පහළට බැසිම සිදු කළ බවද ඔහු පැවසිය .

බඹරකන්ද දිය ඇල්ලෙන් ඉහළ සිට පහළට බැසිමට සහභාගි වුයේ වෙද්‍ය ප්‍රසාද් හේරත්, නවෝද් මදුවන්ත, නදිශා කරුණානායක, මධුෂි නිසංසලා පෙරේරා, තිවංක මධුෂාන්, චමිදු නුවන්, නිර්මානි නුවන්ජලා, යොගේෂ් ගුප්තා, ක්‍රිෂාන් සිල්වා, ඩබ්ලිව් .එස්.ඩ් ෆර්නෑන්ඩු, ශම්ල, තලගල, සදුනික ගුණසේකර යන අයයි.

රත්නපුර දිස්ත්‍රික් පාරිසරික සහ දිය ඇලි සූරකීමේ පර්ෂදයේ කැදවුම්කරු අයි.කේ.ගුණසිංහ මහතා පැවසුවේ මෙවැනි විශේෂ අත්දැකීම් නිසා ලංකාවේ දිය ඇලි සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධ විම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ටද හේතුවක් බවයි.

බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල මෙන්ම ලොව 299 වැනි දිය ඇල්ලයි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ කළුපහන ප්‍රදේශයේ පිහිටා අැත. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ.

කහවත්ත නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT