Home » වැලිමඩ වැඩිහිටියන් 55කට වියළි ආහාරමලු

වැලිමඩ වැඩිහිටියන් 55කට වියළි ආහාරමලු

by sachintha
March 28, 2024 1:51 am 0 comment

සෙනෙහසේ සත්කාරය යන තේමාව යටතේ ගමේ වැඩිහිටි පිරිසකගේ සහ දෙස් විදෙස් දානපතියන්ගේද සහය ඇතිව සිදු කර ගෙන යන සංවිධානයක් හරහා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්කරව්ව ග්‍රාම නිලධාරි වසමේ සේවය කරන මංජුලා ස්වර්ණමාලි මහත්මිය ප්‍රජා සත්කාරයන් ක්‍රියාවට නංවා ඇති අතර එම සංවිධානය හරහා සිව්වැනි වරටත් ලබන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ද වැඩිහිටියන් 55කට වියළි ආහාරමලු ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනක් පෙරේදා (26) රත්කරව්ව රත්නායක මුඡලින්දාරාම විහාරස්ථානයේදී පැවැත්විය.

මේ සඳහා රත්කරව්ව ග්‍රාමයේ අඩු ආදායම් ලාභී පවුල්වල හා විවිධ රෝගාබාධවලින් පෙළෙන පවුල්වල වයස්ගත පුද්ගලයන් 55 දෙනකු සහභාගී කරවා ගෙන සිටි අතර මෙම අවස්ථාවේ රත්කරව්ව මුඡලින්දාරාමාධිපති හපුතලේ හා වැල්ලවායේ ප‍්‍රධාන සංඝනායක රත්කරව්වේ ජිනානන්ද නායක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි වැඩිහිටියෝ වෙනුවෙන් සෙත් පිරිත් දෙසුමක්ද පැවැත්වූහ. ඉන් පසු එම වැඩිහිටියන් සඳහා උදේ අහාරය සහ දිවා ආහාරයද ලබා දීමට කටයුතු සංවිධානය කර තිබූ අතර එක් වැඩිහිටියකු සඳහා රුපියල් පන්දහසක් පමණ වටිනා වියළි ආහාර පාර්සලයක් බැගින්ද ලබා දීමට කටයුතු කර තිබිණ.

වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT