Home » මුම්බායි ඉන්දියන්ස් ඉවතට

මුම්බායි ඉන්දියන්ස් ඉවතට

by chanaka
May 9, 2024 1:11 pm 0 comment

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ. ඒ අනුව 2024 IPL තරගාවලියෙන් ඉවත් වන පළමු කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ තරග 12 කට ක්‍රීඩා කළ මුම්බායි ක්‍රීඩකයෝ තරග 8ක් පරාජය විය. ජය ගත හැකි වූයේ තරග 4ක් පමණි.

අවසන් වරට පසුගිය 6 වැනිදා සන්රයිසස් සමග තරග වැදුනු මුම්බායි කණ්ඩායම කඩුලු 7ක ජයක් හිමි කර ගත්තද දළ ලකුණු වේගය අනුව ඔවුනට ලකුණු සටහනේ පසුපසට තල්ලු විය.

මෙවර මුම්බායි කණ්ඩායමට ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර ඇතුළත් වුවද ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ තරග 3කට පමණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT