Monday, May 20, 2024
Home » නීති විරෝධී ලෙස කපා ගබඩා කර තිබූ බුරුත දැව අල්ලයි

නීති විරෝධී ලෙස කපා ගබඩා කර තිබූ බුරුත දැව අල්ලයි

by chanaka
May 9, 2024 1:27 pm 0 comment

මුලතිව්, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ ඉඩමක තිබිය දී නීති විරෝධී ලෙස කපා ගබඩා කර තිබූ බුරුත දැව තොගයක් ඊයේ (08) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. විවිධ ප්‍රමාණයේ බුරුත දැව කඳන් 195 ක් මෙම ස්ථානයේ තිබී සොයා ගන්නා ලදී.

උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල මහතා වෙත ලැබුණු තොරතුරක් මත මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

මෙතෙක් මෙම දැව ජාවාරම පොලීසියේ හෝ වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහාය ඇතිව කරගෙන ගිය ජාවාරමක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ පරිසරයට හානි කරමින් නීති විරෝධී ජාවාරම් සිදු කරන පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුම් දිගින් දිගටම සිදු කරනු ඇතැයි පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT