Home » ලක්ෂ 15 ක් වටිනා විදේශිය දුම්වැටි තොගයක් ගුවන්තොටුපළේ දී හසුවෙයි

ලක්ෂ 15 ක් වටිනා විදේශිය දුම්වැටි තොගයක් ගුවන්තොටුපළේ දී හසුවෙයි

by yasara
May 9, 2024 9:47 am 0 comment

රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙයින් පළමු වැටලීම 05/07 දින අලුයම 04.35 ට ඕමානයේ මස්කට් නුවර සිට  ඕමාන ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කුරුවිට , පරකඩුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත පුද්ගලයෙකි .

ඔහු සිය ගමන් මලු වල රුපියල් අට ලක්ෂ හැට දහසක් වටිනා “මැන්චෙස්ටර්” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 8,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 43 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

ඊට අමතරව කොළඹ – 14 , නාගලගම් වීදියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (08) දින පස්වරු 04.30 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී 119 දරන ගුවන් යානයෙන්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔහුගේ ගමන් මලු  අතපසු වී  (Miss Handle Baggage ) ගුවන් තොටුපොළ තුළ දමා ගොස් තිබුණි .

ඔහු එම ගමන් මලු අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , රැගෙන යමින් සිටියදී , ඒවා තුළ සගවා ගෙන තිබූ රුපියල් හය ලක්ෂ හතලිස් දහසක් වටිනා  “මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32 සොයා ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙම සිදුවීම් පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT