Home » රොසැල්ල රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10 ක් විනාශයි

රොසැල්ල රක්ෂිතයේ ගින්නෙන් අක්කර 10 ක් විනාශයි

by yasara
May 9, 2024 10:16 am 0 comment

වටවල රොසැල්ල ප්‍රදේශයේ ළදු කැළෑ රක්ෂිතයක  ඊයේ (08) දින රාත්‍රියේ හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබෙයි.

ඊයේ රාත්‍රි 10 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශයෙන් හටගත් ගින්න රක්ෂිතයේ කදු මුදුන දක්වා පැතිර ගොස් අද  (09)දින අලුයම ගින්න නිවිගොස් ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම මාර්ගයේ ගමන් ගත් කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි වටවල පොලිසිය සැකකරයි

රක්ෂිතවලට මෙසේ ගිනි තැබිම නිසා කදු මුදුනේ සිට පහලට ගලා බසින ජල මුලාශ සිදියාමේ අවධානමකට ලක් වි ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය කියා සිටියි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT