Saturday, April 27, 2024
Home » වතුර මෝටර් හොරකමට රිමාන්ඩ්

වතුර මෝටර් හොරකමට රිමාන්ඩ්

by sachintha
March 28, 2024 1:51 am 0 comment

නිවෙසක සවි කර තිබූ රුපියල් පනස් දහසක් පමණ වටිනා වතුර මෝටරයක් සොරා ගෙන ගොස් විකුණා ඇති බව කියන සැකකරුවකු අප්‍රේල් මස 01වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (26) පස්වරුවේ නියෝග කළේය.

ඩබ්ලිව්. ඇල්. ඇස්. සූරියකුමාර නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.

නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක සවි කර තිබූ රුපියල් පනස් දහසක් පමණ වටිනා වතුර මෝටරයක් සොරා ගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන් සමන් තිලක මහතා කරුණු දක්වමින් නිවසක සවි කර තිබූ රුපියල් පනස් දහසක් පමණ වටිනා වතුර මෝටරයක් මහ රෑ සොරා ගෙන යාම සම්බන්ධව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව කියා සිටියේය.

සැකකරුගේ ප්‍රකාශ මත එම වතුර මෝටරය කොළඹ ප්‍රදේශයේ ස්ථානයකට විකුණා තිබී සොයා ගත් බවද පොලිස් සැරයන් වරයා කීය.

මෙහිදී චෝදනා පත්‍රය ඉදිරිපත් කළ පසුව වරද භාර ගන්නා බව සැකකරු ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේ කරණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කැරිණි.

සැකකරුට එරෙහිව ඊළග දිනයේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසට ද පොලීසියට නියෝග කැරිණි.

නැවත කැදවීම අප්‍රේල් මස 01වැනිදා ට කල් තැබිණ.

නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන් සමන් තිලක මහතා පැමිණිල්ල මෙහෙය විය.

වේයන්ගොඩ විශේෂ වාර්තාකරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT