Home » රට සිග­රැට් ළඟ තබා­ගත් කත දැලේ

රට සිග­රැට් ළඟ තබා­ගත් කත දැලේ

by damith
April 27, 2024 12:50 am 0 comment

විදේ­ශීය රටක සිට නීති විරෝධී ලෙස තීරු­බදු නොගෙවා මෙර­ටට ගෙන්වන ලද දුම්වැටි සන්ත­කයේ තබා­ගෙන සිටි කාන්තා­වක් ගෝන­හේන පොලිස් වි‍ශේෂ කාර්ය බළ­කාය නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (25) කටු­නා­යක පොලිස් වස­මේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත කටු­නා­යක පොලිස් වසමේ අම­න්දො­ළුව මාර්ගයේ දී වැට­ලී­මක් සිදු­කර ඇත.

එහිදී විදේ­ශීය රටක සිට නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙර­ටට ගෙන්වන ලද දුම්වැටි 600ක් සන්ත­කයේ තබා­ගෙන සිටි තල්ග­ස්තොට, කටු­නා­යක ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 45ක කාන්තා­වක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­කා­රිය වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා කටු­නා­යක පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT