Home » කුඩු එක්ක අසු වූ නාවික හමු­දාවේ ලුති­නන් කමා­න්ඩ­ර්ව­රුන් දෙදෙනා රිමාන්ඩ්

කුඩු එක්ක අසු වූ නාවික හමු­දාවේ ලුති­නන් කමා­න්ඩ­ර්ව­රුන් දෙදෙනා රිමාන්ඩ්

by damith
April 27, 2024 1:00 am 0 comment

රුපි­යල් ලක්ෂ 75ක වටි­නා­ක­ම­කින් යුත් ග්‍රෑම් 500කට අධික මත්ද්‍රව්‍ය තොග­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ නාවික හමුදා ලුති­නන් කමා­න්ඩ­ර්ව­රුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් තරංගා මහ­වත්ත මහ­ත්මිය ඊයේ (26) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ පන්ස­ල්වත්ත පාර, අංගොඩ පදිංචි ජය­මුනි ලක්මාල් සඳ­රු­වන් සිල්වා (28), සිරි­පැ­ර­කුම් මාවත, මුල්ලේ­රි­යාව, අංගොඩ පදිංචි මහ­ව­ත්තගේ දොන් බුද්ධික ජය­ලත් (27), උල්ප­ත්ගම, ගලෙ­න්බි­ඳු­ණු­වැව පදිංචි නාවික හමුදා ලුති­නන් කමා­න්ඩ­ර්ව­ර­යකු වන විජේ­වීර රත්නා­ය­ක­ලාගේ තිරිදු මධු­ෂාන් (33) සහ ඇඹි­ලි­පි­ටියේ පදිංචි ලුති­නන් කමා­න්ඩ­ර්ව­ර­යකු වන ගමගේ දොන් අරෝෂ් මියුරු (33) යන අය­ව­ලුන්ය.

මෙම නඩුව අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී සැක­කාර නාවික හමුදා ලුති­නන් කමා­න්ඩ­ර්ව­ර­යකු ඇමතූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය “තමන් පියකු වශ­යෙන් තමන්ගේ දරු­වන් මෙවැනි ආකා­ර­යෙන් කට­යුතු කළ­හොත් ඇති­වන හැඟීම කුම­ක්දැයි විමසා සිටි­යාය. මෙහිදී සැක­කාර නාවික හමුදා නිල­ධා­රියා සඳ­හන් කළේ තමන් වර­දක් නොකළ බවය. මෙම සැක­කරු සන්ත­කයේ අයිස් ග්‍රෑම් 05යි මිලි­ග්‍රෑම් 03ක ප්‍රමා­ණ­යක් තිබූ බවත් ඔහු අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත ද ඉදි­රි­පත් කර වාර්තා කැඳවූ බවත් මුල්ලේ­රි­යාව පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙහි පළමු සැක­කරු සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 434ක් දෙවැනි සැක­කරු සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 100ක් තෙවැනි සැක­කරු සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 05යි මිලි­ග්‍රෑම් 03ක් සහ සිව්වැනි සැක­කරු සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 06ක් අත්අ­ඩං­ගු­වට ගත් බව මුල්ලේ­රි­යාව පොලි­සියේ අධි­ක­රණ අංශයේ ඒ.ජී.එස්. අලු­ත්ගෙ­දර මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සැක­ක­රු­වන් අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­රයා වෙත ඉදි­රි­පත් කර වාර්තා­වක් කැඳවූ අතර සැක­කාර නාවික හමුදා ලුති­නන් කමා­න්ඩ­ර්ව­රුන් දෙදෙනා වස­රක කාල­යක පමණ සිට විෂ මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වී ඇති බවට එම වාර්තා­වල දක්වා ඇතැයි ද මුල්ලේ­රි­යාව පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රු­වන් ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කර­මින් එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT