Home » ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පිරවීමට ඩිප්ලෝමාධාරීන්

ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පිරවීමට ඩිප්ලෝමාධාරීන්

by chanaka
May 7, 2024 5:13 pm 0 comment

ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනේ.

ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021. 12. 12 දිනැති ව පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළ ව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි 10, 11, 13 හා 20 යන දිනවල ‘ඉසුරුපාය’, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත.

සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවියේ පළ කර ඇතැයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT