Home » සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය සියලු සහන ලබාදී නැහැ – මන්ත්‍රී විජිත හේරත්

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය සියලු සහන ලබාදී නැහැ – මන්ත්‍රී විජිත හේරත්

by sachintha
May 8, 2024 1:00 am 0 comment

වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා කඩාවැටුණු ආර්ථිකයට ශක්තියක් වීම සඳහා මේ සහන කාලය වසර දෙකක්වත් ලබාදිය යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත්

(ජාජබ) මෙසේද පැවසිය.

නව පනත් කෙටුම්පතින් වුවද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය සියලු සහන ලබාදී නැහැ.

කොතරම් මහා පරිමාණ කර්මාන්ත ක්‍රියාත්මක වුවත් ඔවුන් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නතර කළේ නැහැ. නමුත් අපි මොනව ද කරන්නේ. මේ කර්මාන්ත සියල්ල අඩපණ කරන්නයි කටයුතු කරමින් ඉන්නෙ. මේ කර්මාන්තකරුවන්ට යම් මූල්‍ය සහන ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. එහෙම නොවුනම තමයි ආර්ථිකය බිඳවැටෙන්නෙ.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා වැඩයෙන් ම පීඩාවට පත් වුණේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. මේ නව පනත් කෙටුම්පතින් වුවත් අවශ්‍ය සියලු සහන ලබාදී නැහැ. මේ දෙන්න

හදන්නේ මාස හතක සහන කාලයක් විතරයි. වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා කඩාවැටුණු ආර්ථිකයට ශක්තියක් වීම සඳහා මේ සහන කාලය වසර දෙකක්වත් විය යුතුයි. පැලැස්තරය වුණත් හරියට අලවන්නෙ නැහැ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT