Home » ප්‍රධාන සාක්ෂිය දීමට විනි­සුරු ඉල­න්චෙ­ලි­යන් දැඩි රැක­වල් මැද යාපනේ මහා­ධි­ක­ර­ණ­යට
වවු­නියා විනි­සුරු ඝාතන තැත:

ප්‍රධාන සාක්ෂිය දීමට විනි­සුරු ඉල­න්චෙ­ලි­යන් දැඩි රැක­වල් මැද යාපනේ මහා­ධි­ක­ර­ණ­යට

by damith
April 27, 2024 1:14 am 0 comment
shoot Gun

වවු­නි­යාව මහා­ධි­ක­රණ විනි­සු­රුට වෙඩි තබා ඝාත­නය කිරී­මට තැත් කිරීම සම්බ­න්ධ­යෙන් යාප­නය මහා­ධි­ක­ර­ණයේ විභාග වන නඩුවේ ප්‍රධාන සාක්ෂිය දීම පිණිස වවු­නි­යාව මහා­ධි­ක­රණ විනි­සුරු මානි­ක්ක­වා­ස­ගම් ඉල­න්චෙ­ලි­යන් මහතා දැඩි ආර­ක්ෂාව යටතේ 25 දා යාප­නය මහා­ධි­ක­ර­ණය වෙත පැමි­ණි­යේය.

මානි­ක්ක­වා­ස­ගම් විනි­සු­රු­ව­ර­යාට පොලිස් ආර­ක්ෂා­වට අම­ත­රව පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රී­න්ගේද ආර­ක්ෂාව සලසා දී තිබිණි. නඩු විභා­ග­යට වවු­නි­යාව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා පැමි­ණී­මට පෙර සිටම යුද හමුදා නිල­ධා­රීන්ද අධි­ක­රණ පරි­ශ්‍රය තුළ විශේෂ ආර­ක්ෂා­වක් සලසා තිබිණි.

2017.07.22 දින එව­කට යාප­නයේ මහා­ධි­ක­රණ විනි­සුරු ලෙස කට­යුතු කළ මානි­ක්ක­වා­ස­ගම් ඉල­න්චෙ­ලි­යන් මහතා අධි­ක­රණ කට­යුතු හමාර වී සිය මෝටර් රථ­යෙන් පොලිස් ආර­ක්ෂාව මැද නිල නිවෙස වෙත යමින් සිටි­යදී පිස්තෝ­ල­යක් රැගෙන පැමිණි පුද්ග­ල­යකු විනි­සු­රු­ව­ර­යාට වෙඩි තැබී­මට තැත් කළ විට විනි­සු­රුගේ ආර­ක්ෂා­වට සිටි පොලිස් සැර­ය­න්ව­රයා වෙඩි ප්‍රහා­රය වැළැ­ක්වී­මට උත්සාහ කළ අව­ස්ථාවේ එම සැර­ය­න්ව­රයා වෙඩි ප්‍රහා­ර­යට ලක්ව මිය ගියේය.

හලා­වත ප්‍රදේ­ශයේ පදිංචි හේම­චන්ද්‍ර නැමති එම පොලිස් සර­ය­න්ව­ර­යාගේ ඝාත­න­යට සම්බන්ධ පුද්ග­ල­යාව පිස්තෝ­ලය සමග පසුව පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ අතර, ඒ ඝාත­නය සම්බ­න්ධ­යෙන් යාප­නය මහා­ධි­ක­ර­ණයේ විභාග වන නඩු­වට අදා­ළව සාක්ෂි දීම සඳහා දැනට වවු­නි­යාව මහා­ධි­කා­රණ විනි­සුරු ලෙස කට­යුතු කරණ මානි­ක්ක­වා­ස­ගම් ඉල­න්චෙ­ලි­යන් මහතා පැමිණ සිටි­යේය.

මෙහිදී සාක්ෂි දෙමින් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා වෙඩි තැබීම සිදු වූ ආකා­රය පැයක පමණ කාල­යක් විස්තර කළේය. මේ නඩුව යාප­නය මහා­ධි­ක­ර­ණ­යේදී තව දුර­ටත් විභාග වෙමින් පවතී.

විනි­සු­රු­ව­රයා ඉලක්ක කර­ගෙන තැබූ වෙඩි පහ­රින් මිය­ගිය සැර­යන් හේම­චන්ද්‍ර මහ­තාගේ පවුලේ සියලු කට­යුතු මහා­ධි­ක­රණ විනි­සුරු මානි­ක්ක­වා­ස­ගම් ඉල­න්චෙ­ලි­යන් මහතා විසින් භාර ගෙන ඔවුන්ට නව නිවෙ­සක්ද ඉදි කොට දී දරු­වන්ගේ අධ්‍යා­ප­නය පිළි­බ­ඳ­වද නිර­න්ත­ර­යෙන්ම සොයා බැලීම විශේෂ සිද්ධි­යකි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT