Home » පාකි­ස්තාන සහ­ල්වල පරි­ස­ර­යට අහි­ත­කර ක්ෂුද්‍ර ජීවීන් ආන­ය­නය තහ­නම් කරන බවට රුසි­යා­වෙන් අන­තුරු ඇඟ­වී­මක්

පාකි­ස්තාන සහ­ල්වල පරි­ස­ර­යට අහි­ත­කර ක්ෂුද්‍ර ජීවීන් ආන­ය­නය තහ­නම් කරන බවට රුසි­යා­වෙන් අන­තුරු ඇඟ­වී­මක්

by damith
April 27, 2024 1:14 am 0 comment

පාකි­ස්තා­න­යෙන් නැව්ගත කරනු ලැබූ සහල් තොග­යක පරි­ස­ර­යට අහි­ත­කර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට අව­ධා­ර­ණය කර­මින් එය රුසි­යානු සහ ජාත්‍ය­න්තර නීති උල්ලං­ඝනය කිරි­මක් බවට රුසි­යාවේ පශු වෛද්‍ය සහ ශාක පද්ධ­තියේ සුර­ක්ෂි­තාව සඳහා වන රජයේ ආය­ත­නය නිවේ­ද­න­යක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදි­රි­යේදී සහල් තොග නැව්ගත කිරී­මේදී මේ පිළි­බඳ අව­ධා­නය යොමු නොක­ළ­හොත් සහල් ආන­ය­නය තහ­නම් කරන බවට රුසි­යාව විසින් පාකි­ස්තා­න­යට අන­තුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වහාම මේ පිළි­බඳ පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස පාකි­ස්තා­නයේ රුසි­යානු තානා­පති කාර්යා­ලයේ වෙළෙඳ කට­යුතු පිළි­බඳ නිල­ධා­රි­යා­ගෙන් රුසි­යානු රජය ඉල්ලී­මක් කර ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම අනා­ග­ත­යේදී එවැනි නීති­රෙ­ගු­ලාසි උල්ලං­ඝ­නය වීම වළක්වා ගැනී­මට පිය­වර ගන්නා ලෙසත් රුසි­යානු රජය සිය නියෝ­ජි­ත­යාට උප­දෙස් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. රට­වල් අතර වෙළෙ­ඳා­මේදී කෘෂි­කා­ර්මික නිෂ්පා­දන නිය­මිත ප්‍රමි­ති­යට අනු­කූල වීමේ වැද­ග­ත්කම ද රුසි­යාවේ පශු වෛද්‍ය සහ ශාක පද්ධ­තියේ සුර­ක්ෂි­තාව සඳහා වන රජයේ ආය­ත­නය සිය නිවේ­ද­න­යෙන් දන්වා ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT