Sunday, May 19, 2024
Home » සුප්‍ර­කට බ්‍රිතාන්‍ය නළු බර්නාඩ් හිල් මිය යයි

සුප්‍ර­කට බ්‍රිතාන්‍ය නළු බර්නාඩ් හිල් මිය යයි

by damith
May 6, 2024 1:06 am 0 comment

ටයි­ටැ­නික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍ර­ප­ට­වල රංග­න­යෙන් ප්‍රේක්ෂ­ක­යන් අතර ජන­ප්‍රි­ය­ත්ව­යට පත් බර්නාඩ් හිල් මෙලො­වින් සමු­ගත් බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මිය යන විට 79 හැවි­රිදි වියෙහි පසු වූ මේ විශිෂ්ට බ්‍රිතාන්‍ය නළුවා 1975 සිට මේ දක්වා හොලි­වුඩ් සින­මාවේ අම­තක නොවන චිත්‍ර­පට රැස­ක­ටම දාය­ක­ත්වය ලබා දුන්නේය.

ටයි­ටැ­නික් චිත්‍ර­ප­ටයේ නැවේ කපි­තාන්ගේ චරි­ත­යත්, ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍ර­ප­ටයේ තෝඩන් රජුගේ චරි­ත­යත් ඒ අත­රින් වඩාත් කැපී පෙනිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT