Sunday, May 19, 2024
Home » යතුරුපැදි දෙකක් මුහු­ණට මුහුණ ගැටී තරු­ණ­යෝ දෙදෙ­‍ෙනක් මරුට

යතුරුපැදි දෙකක් මුහු­ණට මුහුණ ගැටී තරු­ණ­යෝ දෙදෙ­‍ෙනක් මරුට

by damith
May 6, 2024 1:07 am 0 comment

තරු­ණ­යන් දෙදෙ­නකු පැද වූ යතු­රු­පැදි දෙකක් ඊයේ (5) අලු­යම මිරි­හාන නව රෝහල මාර්ගයේ කිඹු­ලා­වල ප්‍රදේ­ශ­යේදී මුහු­ණට මුහුණ ගැටී සිදු වූ අන­තු­රින් දෙදෙ­නාම මිය­ගොස් ඇතැයි මිරි­හාන මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ කෝට්ටේ, මිරි­හාන, මුත්තේ­ට්ටුව පාර පදිං­චිව සිටි විශ්ව සෙන්සද දේවන්ත (20) හා කෝට්ටේ, මාදි­වෙල, රාහුල පාර පදිං­චිව සිටි මයුර ආලෝක (18) නමැති තරු­ණ­යන් දෙදෙ­නායි. යතුරු පැදි දෙක එකි­නෙක ගැටී­මත් සම­ඟම එක් යතුරු පැදි­යක් ගිනි­ගෙන ඇතැයි පොලි­සිය පැවැ­සීය.

සිදුවූ අන­තු­රින් බර­ප­තළ තුවාල ලද එක් තරු­ණ­යකු ජය­ව­ර්ධ­න­පුර රෝහ­ල­ටත් අනෙක් තරු­ණයා කළු­බෝ­විල ශික්ෂණ රෝහල වෙතත් ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව මිය ගොස් ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

මිය­ගිය විශ්ව නමැති තරු­ණයා නව රෝහල දෙස සිට කිඹු­ලා­වල දෙසට මාර්ගයේ දකුණු පසට බරව යතු­රු­පැ­දිය පද­වා­ගෙන යමින් සිටි­යදී මිය­ගිය ආලෝක නමැති තරු­ණයා පද­වා­ගෙන ගිය අංක තහඩු නොමැති යතුරු පැදිය කිඹු­ලා­වල දෙස සිට නව රෝහල දෙසට මාර්ගයේ දකුණු පසට බරව පද­වා­ගෙන යමින් සිටි­යදී එකි­නෙක ගැටී­මෙන් මෙම අන­තුර සිදු වී ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

මිය­ගිය විශ්ව නමැති තරු­ණ­යාට රියැ­දුරු බල­ප­ත්‍ර­යක් නොමැති බවට පොලිස් විම­ර්ශ­න­ව­ලදී වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී ඇත. මෙම තරු­ණ­යන් දෙදෙනා යතු­රු­පැදි තර­ග­යට ඒ මේ අත පැදෙ­ව්වේ­දැයි සැක­යක් පව­තින බව ද පොලි­සිය පැවැ­සීය. පැදි­ක­රු­වන් දෙදෙ­නා­ගේම අප­රි­ක්ෂා­කාරී රිය ධාව­නය අන­තු­රට හේතු වී ඇති බව පොලි­සිය කියයි.

මිරි­හාන මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මංජුල තුෂාර මහ­තාගේ උප­දෙස් මත රථ වාහන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නීල් චමින්ද මහතා ඇතුළු කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ පව­ත්වයි.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT