Sunday, May 19, 2024
Home » ඉන්දි­යාවේ ලොකු ලූනු අප­න­යන බද්ද පැය 24කට පසු ඉවත් කර­ගෙන

ඉන්දි­යාවේ ලොකු ලූනු අප­න­යන බද්ද පැය 24කට පසු ඉවත් කර­ගෙන

by damith
May 6, 2024 1:07 am 0 comment

ලොකු ලූනු අප­න­ය­නය සීමා කර­මින් 40%ක බද්දක් පැනැ­වී­මට ඉන්දීය රජය ගත් තීර­ණය පැය 24කට පසු ඉවත් කර ඇතැයි රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය. පසු­ගිය සිකු­රාදා පැනැවූ එම බද්ද සෙන­සු­රාදා වන විට ඉවත් කළ බවට නිල නිවේ­ද­න­යක් නිකුත් කර තිබූ බව ද රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. පසු­ගිය දෙසැ­ම්බ­ර­යේදී අප­න­යන සීමා පැණැ­වී­මට පිය­වර ගත් ලොව විශා­ල­තම එළ­වළු අප­න­ය­න­කරු වන ඉන්දි­යාව පසු­ගිය මාර්තු­වේදී එය තව­දු­ර­ටත් දීර්ඝ කර තිබූ බව ද රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය.

ලොකු ලූනු තහ­නම ඉවත් කිරී­මත් සමඟ අප­න­යන කරනු ලබන මෙට්‍රික් ටොන් එක­කට ඩොලර් 550ක අවම අප­න­යන මිලක් ද රජය විසින් ප්‍රකා­ශ­යට පත් කරනු ලැබූ බව රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කළේය. ඉන්දි­යාවේ වස­ර­කට තුන් වරක් වගා කරන ලොකු ලුනු අස්වැන්න මෙවර ටොන් මිලි­යන 19 ඉක්ම­වනු ඇතැයි ද, දේශීය මාසික පරි­භෝ­ජ­නය සඳහා ටොන් මිලි­යන 1.7ක් පම­ණක් බැවින් අප­න­ය­න­යට අව­සර දීමට තීර­ණය වී ඇතැයි ද ඉන්දීය රජයේ නිල­ධා­රි­යකු ප්‍රකාශ කළ බව රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT