Sunday, May 19, 2024
Home » චීන වෙර­ළාර­ක්ෂ­ක­ය­න්ගෙන් පිලි­පීන යාත්‍රා­ව­ලට ජල ප්‍රහාර

චීන වෙර­ළාර­ක්ෂ­ක­ය­න්ගෙන් පිලි­පීන යාත්‍රා­ව­ලට ජල ප්‍රහාර

by damith
May 6, 2024 1:07 am 0 comment

චීන වෙර­ළා­ර­ක්ෂක භට­යන් නැවත වරක් පිලි­පීන යාත්‍රා­ව­ලට ජල ප්‍රහාර එල්ල කිරිම හේතු­වෙන් එරට රජය පිලි­පී­නයේ චීන රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රියා කැඳවා ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනය විසින් අත්පත් කර ගනු ලැබූ ස්කාර්බොරෝ ෂෝල් දූපත ආස­න්නයේ යාත්‍රා කළ පිලි­පීන බෝට්ටු දෙක­කට එම ජල ප්‍රහාර එල්ල කිරී­මෙන් සුළු හානි සිදු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මත­භේ­ද­යට තුඩු දී ඇති මුහුදු සීමා අර්බු­දය හේතු­වෙන් වරින්වර චීනය සහ පිලි­පී­නය අතර සමුද්‍ර ගැටුම් සිදු­වන බවත්, මේ වන විට චීන වෙර­ළා­ර­ක්ෂක භට­යන් 20 වතා­වක් පිලි­පීන යාත්‍රා­ව­ලට ප්‍රබල ජල ප්‍රහාර එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පිලි­පී­නය සඳ­හන් කර ඇත්තේ සිය හමුදා යාත්‍රා දෙක­කට චීන වෙර­ළාර­ක්ෂක භට­ය­න්ගෙන් ජල ප්‍රහාර එල්ල වී ඇත්තේ දකුණු චීන මුහුදේ මුර සංචා­ර­යක නිර­තව සිටි­යදී බවය. පිලි­පී­නයේ චීන නියෝ­ජිත ෂූ ෂියොං කැඳවා ප්‍රශ්න කිරී­මට පිලි­පීන විදේශ අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇත්තේ එම ජල ප්‍රහා­ර­යෙන් දින දෙක­කට පසු­වය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT