Sunday, May 19, 2024
Home » ත්‍රිරෝද රථ රියැ­දු­රෙක් ඇහිලූ මුදල් පසු­ම්බි­ය නියම හිමි­ක­රුට භාර දෙයි

ත්‍රිරෝද රථ රියැ­දු­රෙක් ඇහිලූ මුදල් පසු­ම්බි­ය නියම හිමි­ක­රුට භාර දෙයි

by damith
May 6, 2024 1:08 am 0 comment

රුපි­යල් පනස් පන්ද­හ­සක මුද­ලක් හා වටිනා ලිපි ලේඛන රැසක් සහි­තව මහ­මඟ වැටී තිබි­යදී ත්‍රිරෝද රථ රියැ­දු­රකු විසින් අහු­ලා­ගත් මුදල් පසු­ම්බි­යක් මාලබේ පොලි­සියේ මැදි­හ­ත්වී­මෙන් ඉකුත් දා එහි නියම හිමි­ක­රුට භාර දීම සිදු විය.

තලං­ගම උතුර ස්වර්ණ පෙදෙසේ චමින්ද බණ්ඩාර කර­ඳ­වල නමැති ත්‍රිරෝද රථ රියැ­දුරු මාලබේ නග­රය හරහා සිය ත්‍රි රෝද රථය පද­ව­මින් සිටි­යදී මාලබේ ඉන්ධන පිර­වු­ම්හල අසල දුනු­කඩේ ඉදි­රි­පිට මහ­මඟ වැටී තිබී මුදල් පසු­ම්බි­යක් අහු­ලා­ගෙන තිබේ.

පසුව ඔහු එය පරීක්ෂා කිරී­මේදී ඒ තුළ රුපි­යල් 55,000 මුද­ලක් , අ‍ෙම­රි­කානු ඩොලර් එකක්, ආදා­යම් බල­ප­ත්‍ර­යක්, රක්ෂණ සහ­ති­ක­යක්, රියැ­දුරු බල­ප­ත්‍ර­යක්, ජාතික හැඳු­නු­ම්ප­තක් තිබී හමු වූ බවත් ක්ෂණ­ය­කින් ඔහු එය මාලබේ පොලි­සි­යට භාර දීමට කට­යුතු කර තිබුණි.

ඒ අනුව මාලබේ පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ප්‍රසාද් රත්නා­යක මහතා මුදල් පසු­ම්බියේ තිබූ ජාතික හැඳු­නු­ම්පතේ ලිපි­න­යට අනුව වැලි­මඩ දික්ක­පි­ටියේ පදිංචි ඉෂාර මධු­සංඛ නමැ­ත්තාට පොලිස් නිවේ­ද­න­යක් හරහා දැනුම් දී තිබේ.

ඒ අනුව මාලබේ පොලිස් ස්ථාන­යට පැමිණි මුදල් පසු­ම්බියේ නියම හිමි­ක­රුට ත්‍රිරෝද රථ රියැ­දුරු අතින් මුදල් පසු­ම්බිය භාර දීම සිදු විය.

කොට්ටාව - ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT