Sunday, May 19, 2024
Home » ඊශ්‍රා­ය­ලයේ ‘අල් ජසීරා’ රූප­වා­හිනි නාළිකාව වසාදැමී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කරයි

ඊශ්‍රා­ය­ලයේ ‘අල් ජසීරා’ රූප­වා­හිනි නාළිකාව වසාදැමී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කරයි

by damith
May 6, 2024 1:08 am 0 comment

ලෝක ප්‍රකට ‘අල් ජසීරා‘ රූප­වා­හිනී සමා­ගමේ ඊශ්‍රා­යල මෙහෙ­යුම් කාර්යා­ලය වසා දැමී­මට අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය ඒක­ම­ති­කව තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­ය­ලයේ ක්‍රියා­ත්මක වන ‘අල් ජසීරා‘ රූප­වා­හිනි නාළි­කාව වසා දැමී­මට තීර­ණය එරට රජය තීර­ණය කර ඇත්තේ හමාස් යුද ගැටුම් අත­ර­තුර ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් වන විදේ­ශිය රූප­වා­හිනි සහ ගුව­න්වි­දුලි ආය­තන තාව­කා­ලි­කව වසා දැමී­මට පාර්ලි­මේ­න්තු­වේදී පන­තක් සම්මත කර­ගැ­නී­මෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කළ බව අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු එක්ස් සමාජ මාධ්‍යයේ සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ. එම තීර­ණ­යට අනුව අල් ජසීරා නාළි­කාව වසා දැමිම ස්ථීරව හෝ තාව­කා­ලි­කව සිදු­ව­න්නේ­දැයි හෝ එය ක්‍රියා­ත්මක වන දිනය කව­දා­දැයි හෝ මෙතෙක් තහ­වුරු වී නැති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT