Saturday, May 18, 2024
Home » හමාස් සටන් විරාම යෝජනා ඊශ්‍රා­ය­ලය බැහැර කරයි

හමාස් සටන් විරාම යෝජනා ඊශ්‍රා­ය­ලය බැහැර කරයි

by damith
May 6, 2024 1:10 am 0 comment

ගාසා තීරයේ යුද්ධය අව­සන් කර­මින් සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට හමාස් සංවි­ධා­නය විසින් කරනු ලැබූ ඉල්ලම් ඊශ්‍රා­ය­ලය පිළි­නො­ගන්නා බව එරට අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කර ඇත්තේ හමාස් සංවි­ධා­නය විසින් රඳවා ගෙන සිටින ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරීම සඳහා ගාසා තීරයේ සටන් විරා­ම­යක් නැවත ස්ථාපිත කිරී­මට පාර්ශ්ව රැසක් ඊජි­ප්තු­වේදී සාකච්ඡා පව­ත්ව­මින් සිටින අත­ර­තු­ර­දීය. යෝජිත සටන් විරාම ගිවි­සුම මගින් ඊශ්‍රා­ය­ල­යට තර්ජ­න­යක් එල්ල වනු ඇතැයි ද, ගාසා තීරයේ පාල­නය හමාස් සංවි­ධා­න­යට හිමි වනු ඇතැයි ද ඊශ්‍රා­යල අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ. යෝජිත ගිවි­සු­මට අනුව හමාස් සංවි­ධා­නය රඳ­වා­ගෙන සිටි ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරී­මට සහ ඊශ්‍රා­ය­ලයේ සිර­ගත කර සිටින පල­ස්තීන ජාති­ක­යන් නිද­හස් කර­ගැ­නී­මට දින 40ක සටන් විරා­ම­යක් ඊජි­ප්තු­වේදී පව­ත්ව­මින් සිටින ගාසා සටන් විරාම යෝජනා ගිවි­සුම සම්බන්ධ සාක­ච්ඡා­වේදී අව­ධා­නය යොමු වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT