Sunday, May 19, 2024
Home » එක පාසලේ තුන් කොන් පෙම් පල­හි­ලව්වේ පිහි පහ­රින් සිසු­ව­කුට බර­ප­තළයි

එක පාසලේ තුන් කොන් පෙම් පල­හි­ලව්වේ පිහි පහ­රින් සිසු­ව­කුට බර­ප­තළයි

10 සිසුවා 9 සිසුවාට පහර දීලා

by damith
May 6, 2024 1:10 am 0 comment

ප්‍රේම සම්බ­න්ධ­තා­වක් මුල්කර ගනි­මින් වේය­න්ගොඩ ප්‍රදේ­ශයේ මහා විද්‍යා­ල­යක 10 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන සිසු­වකු විසින් එම පාස­ලේම 9 ශ්‍රේණියේ සිසු­ව­කුට එල්ල කළ පිහි පහ­ර­කින් තුවාල ලැබූ සිසුවා වතු­පි­ටි­වල මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි වේය­න්ගොඩ පොලි­සිය කියයි.

10 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන සිසුවා එම පන්ති­යේම සිසු­වි­යක සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති අතර, පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන පහ­ර­කෑ­මට ලක් වූ සිසුවා ද එම සිසු­විය සමඟ පෙම් සබ­ඳ­තා­වක් ගොඩ­න­ඟා­ගෙන ඇත. මේ සම්බ­න්ධය පිළි­බ­ඳව දැන­ගත් 10 ශ්‍රේණියේ සිසුවා පසු­ගිය 3 වැනිදා පාස­ලේදී සහ පාසල නිම වීමෙන් අන­තු­රුව පාසල ඉදි­රි­පි­ටදී ද 9 ශ්‍රේණියේ සිසු­වාට පහර දී ඇති බව විම­ර්ශ­න­ව­ලදී හෙළි වී තිබේ. පහර කෑ සිසුවා පසුව නිවෙ­සට ගොස් නැවත එදින (03) පස්ව­රුවේ වේය­න්ගොඩ නයි­වල ප්‍රදේ­ශ­යට පැමිණ ඇති අතර, එහිදී 10 ශ්‍රේණියේ සිසුවා ඔහුගේ පන්ති­යේම තවත් සිසුන් පිරි­සක් සමඟ පැමිණ නැවත 9 ශ්‍රේණියේ සිසු­වාට පහර දී ඇති අව­ස්ථාවේ 10 ශ්‍රේණියේ සිසු­වාගේ මිතු­රකු 9 ශ්‍රේණියේ සිසු­වාට පිහි­ය­කින් පහර දී ඇතැයි පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇත. පිහි පහ­රින් උර­හිස ප්‍රදේ­ශ­යට තුවාල සිදු වූ 9 ශ්‍රේණියේ සිසුවා වතු­පි­ටි­වල මූලික රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

රෝහල් පොලි­සිය විසින් සිද්ධිය සම්බ­න්ධ­යෙන් වේය­න්ගොඩ පොලි­සි­යට කළ දැනු­ම්දී­ම­කට අනුව වේය­න්ගොඩ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අසංක රංගන මහ­තාගේ උප­දෙස් මත සිද්ධිය සම්බන්ධ විම­ර්ශන ආරම්භ කර ඇත. සිද්ධි­යට අදාළ 10 ශ්‍රේණියේ සිසුවා සහ පිහි පහර එල්ල කළ එම සිසු­වාගේ මිතුරා නිවෙ­ස්ව­ලින් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

කොට­දෙ­ණි­යාව සමූහ - එම්. පුෂ්ප­කු­මාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT