Saturday, May 18, 2024
Home » පිට පිට තුන්වැනි වර­ටත් ලන්ඩ­න් නග­රා­ධි­ප­ති සදීක් ඛාන්

පිට පිට තුන්වැනි වර­ටත් ලන්ඩ­න් නග­රා­ධි­ප­ති සදීක් ඛාන්

by damith
May 6, 2024 1:09 am 0 comment

ලන්ඩන් නුවර නග­රා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් තුන්වැනි වර­ටත් සදීක් ඛාන් තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 53 හැවි­රිදි සදීක් ඛාන් තුන්වැනි වර­ටත් ලන්ඩන් නුවර නග­රා­ධි­ප­ති­ ධු­ර­යට පත් වූ පළමු පුද්ග­ලයා බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. සදීක් ඛාන් ලන්ඩන් නුවර නග­රා­ධි­ප­ති­ව­රයා ලෙස පළ­මු­ව­රට තේරී පත්වූයේ 2016 දී වන අතර, 2021 දී ඔහු දෙවැනි වර­ටත් එම ධුර­යට තේරී පත් විය.

බ්‍රිතාන්‍ය අග­මැති රිෂී සුනාක්ගේ කන්ස­ර්වේ­ටිව් පක්ෂයේ අපේ­ක්ෂි­කාව සුසාන් හෝල් පරා­ජය කර­මින් කම්කරු පක්ෂයේ සදීක් ලන්ඩන් නග­රා­ධි­ප­ති­ව­රයා ලෙස තේරී පත්වූයේ ලක්ෂ 11කට ආසන්න ඡන්ද සංඛ්‍යා­වක් ලබා ගනි­මින් බව ද වාර්තා වේ. ප්‍රති­වාදී අපේ­ක්ෂි­කාව සුසාන්ට හිමිවී ඇත්තේ ඡන්ද 8,12,000ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT