Sunday, May 19, 2024
Home » දක්ෂිණ අධි­වේගී ප්‍රවේශ දර්ගා නග­ර මාර්ගයේ නිදැල්ලේ සැරිසරන ගවයන්ගේ හැපී අන­තුරු රැසක්

දක්ෂිණ අධි­වේගී ප්‍රවේශ දර්ගා නග­ර මාර්ගයේ නිදැල්ලේ සැරිසරන ගවයන්ගේ හැපී අන­තුරු රැසක්

by damith
May 6, 2024 1:09 am 0 comment
ගව අන­තු­රෙන් ත්‍රිරෝද රථය අසල වෙල­කට පෙරළී හානි සිදුව තිබෙන ආකා­රය.

දර්ගා නග­රය දන්ව­ත්ත­ගොඩ මං සන්ධිය ආස­න්නයේ දක්ෂිණ අධි­වේගී ප්‍රවේශ මාර්ගයේ ගම­න්ගත් ත්‍රිරෝද රථ­යක ක්ෂණි­කව මාර්ගය හරහා නිදැල්ලේ සිටි එළ හර­කෙකු පැනී­මෙන් එම ත්‍රිරෝද රථය ධාව­නය කළ පුද්ග­ලයා ඇතුළු පවුලේ තිදෙ­නකු අන­තු­රට පත් කර­මින් ත්‍රිරෝද රථ­යට ද බර­ප­තළ හානි සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් අලු­ත්ගම පොලි­සි­යට පැමි­ණිලි කර තිබේ.

මෙලෙස මෙම ප්‍රදේ­ශ­යේම නිදැල්ලේ ගැව­සෙන අයි­ති­ක­රු­වන් සිටින ගව­ය­න්ගෙන් සිවු­වන අන­තුරු බව එම ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වූ පරි­ස­ර­වේදී අනුර ද සිල්වා මහතා සිද්ධිය සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් පැව­සීය.

ගව අන­තු­රෙන් තුවාල ලැබ සිටින කේ.රොහාන් මහතා.

ගව අන­තු­රෙන් තුවාල ලැබ සිටින කේ.රොහාන් මහතා.

ඊයේ (5) සිදුවූ ගව අන­තු­රෙන් දරුණු තුවාල ලබා ඇති අතර ඔහුගේ ත්‍රිරෝද රථ­යට ද බර­ප­තළ හානි සිදුව තිබේ. මෙසේ අන­තු­රට පත්ව ඇත්තේ දර්ගා නග­රය කැප්පෙ­ට්ටිය ගහ­ලද ප්‍රදේ­ශයේ පදිංචි කේ. රොහාන් මහතා ඇතුළු පවුලේ අය­ව­ලුන්ය.

අලු­ත්ගම දක්ෂිණ අධි­වේගී ප්‍රවේශ මාර්ගයේ තිස් එකේ කණුව, දන්ව­ත්ත­ගොඩ ප්‍රදේ­ශය නිර­න්තර නිදැල්ලේ ගැව­සෙන ගව­ය­න්ගෙන් මාර්ගයේ ගමන් ගන්නා රථ­වා­හ­න­ව­ලට මෙන්ම පුද්ග­ල­ය­න්ටද හානි සිදු­වන ප්‍රදේ­ශ­යක් බව එම ප්‍රදේ­ශ­වා­සීන් ද පෙන්වා දෙයි.

මෙලෙස නිදැල්ලේ ගැව­සෙන ගව­යන් දර්ගා නග­රය ප්‍රදේශ පදිංචි මුස්ලිම් ජාති­ක­යන්ගේ බවට හඳු­නා­ගෙන තිබෙන බවත් ඒ අයි­ති­ක­රු­වන් එම සතුන්ම නිදැල්ලේ මුදා හැරී­මෙන් මාර්ගය දිගේ ඇවි­ද­ගෙන යාමට මෙම සතුන් පුරු­දුව ඇති බවයි එම සිද්ධිය ඇසින් දුටු ප්‍රදේ­ශ­වා­සීන් වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ.

මෙම අන­තු­රෙන් එම ත්‍රිරෝද රථය අසල වෙල­කට පෙරළී ගිය බවත් තමන්ට මෙන්ම බිරිඳ හා දරු දෙදෙ­නා­ටත් තුවාල සිදුවූ බවත් එම අව­ස්ථාවේ ප්‍රදේ­ශ­වා­සීන් මැදි­හත්ව තමන්ව එම වෙලෙන් ගොඩට ගත් බවත් එම අන­තු­රට පත් ත්‍රිරෝද රථ­යයේ හිමි­කරු පැව­සීය.

එම අන­තුර පිළි­බඳ අලු­ත්ගම පොලි­සියේ රථ­වා­හන අංශය දැනු­ම්වත් කර එම එළ ගව­යාගේ අයි­ති­කාර පාර්ශ්වය සොයා කිසි­යම් සාධා­රණ ක්‍රියා­මා­ර්ග­ය­කට එළැ­ඹෙන ලෙස එම ප්‍රදේ­ශයේ පොලිස් මහ­ජන ආර­ක්ෂක කමි­ටු­වේද අව­ධා­න­යට ලක් කරයි.

මෙලෙස නිදැල්ලේ මහ­මඟ ගැව­සෙන ගව­ය­න්ගෙන් මහ­ජ­න­තා­වට සිදු­වන අන­තුරු හා පීඩා­වන් පිළි­බඳ බේරු­වල ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් අශෝක රණ­සිංහ මහ­තා­ගෙන් කළ විම­සී­මේදී ඒ මහතා සඳ­හන් කළේ. මෙවැනි ගව­යන්ව නිදැල්ලේ නොහැර ගැට ගසා තබා ගන්නා ලෙස ප්‍රාදේ­ශීය සභා බල ප්‍රදේ­ශය පුරා ප්‍රචා­රක රථ­යක් මගින් දැනු­ම්වත් කිරීම ප්‍රථ­ම­යෙන් සිදු­කර ඊට අනු­ගත නොවු­ණ­හොත් එම ගව­යන් බේරු­වල ප්‍රාදේ­ශීය සභාව මැදි­හත්ව අල්ලා එක තැන­කට රැස්කර ගව අයි­ති­ක­රු­වන්ට නීති මගින් කට­යුතු කරන වැඩ­පි­ළි­වෙ­ළක් ඉදිරි සති­යේම ක්‍රියා­ත්මක කරන බව ඒ මහතා පැව­සීය.

අලු­ත්ගම -තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT