Sunday, May 19, 2024
Home » බදුල්ලේ පෞරා­ණික ගොඩ­නැ­ඟි­ල්ලක් ගරා වැටෙන්න ඇරලා

බදුල්ලේ පෞරා­ණික ගොඩ­නැ­ඟි­ල්ලක් ගරා වැටෙන්න ඇරලා

by damith
May 6, 2024 1:09 am 0 comment

වසර සිය­ය­කට වැඩි ඉති­හා­ස­යක් පව­තින තව­මත් ප්‍රයෝ­ජ­න­යට ගත හැකි රජයේ ගොඩ­නැ­ඟි­ල්ලක් බදුල්ල නග­ර­යට ආස­න්නයේ විනා­ශ­යට පත්ව යන බවට ප්‍රදේ­ශ­වා­සීහු කියා සිටිති.

මෙම ගොඩ­නැ­ඟිල්ල බදුල්ල ශික්ෂණ රෝහ­ලට ආස­න්නයේ පිහිටි විම­ල­ධර්ම මාවතේ පිහිටා තිබේ. එම මාර්ගයේ එකම ගෘහ නිර්මාණ ආකෘ­ති­ය­කට සකසා ඇති ගොඩ­නැ­ඟිලි දෙකක් කලක සිට ගරා­වැ­ටී­මට පට­න්ගෙන තිබූ අතර ඉන් එක් ගොඩ­නැ­ඟි­ල්ලක් හිටපු බදුල්ල බට­හිර වසමේ ග්‍රාම නිල­ධාරි නසිර් මහ­තාගේ මැදි­හ­ත්වීම මත ලබා­ගෙන එම වස­මට අයත් ග්‍රාම නිල­ධාරි, සමෘද්ධි නිල­ධාරි, කෘෂි සංව­ර්ධන නිල­ධාරි ඇතුළු වසමේ රාජ්‍ය නිල­ධා­රීන්ගේ කාර්යාල මේ වන විට පව­ත්වා­ගෙන යාමට කට­යුතු කර ඇති බව ද ඔවුහු පැව­සූහ.

ඊට යාබ­දව ඇති අනෙක් ගොඩ­නැ­ඟිල්ල පිළි­බඳ මීට වසර කිහි­ප­ය­කට පෙර මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය වීමෙන් අන­තු­රුව එය රජයේ ප්‍රකා­ශන දෙපා­ර්ත­මේ­න්තුව වෙත වෙන් කර ඇති බව පව­ස­මින් එහි බැන­ර­යක් ප්‍රද­ර්ශ­නය කර තිබූ බවත් ගොඩ­නැ­ඟිල්ල හා අවට භුමිය සුද්ධ පවිත්‍ර කිරීම් ද කළ බවත් ඔවුහු තව­දු­ර­ටත් පවසා සිටිති.

එහෙත් ඉන්ප­සුව එම ගොඩ­නැ­ඟිල්ල කිසිඳු ආකා­ර­ය­කින් ප්‍රයෝ­ජ­න­යට නොගෙන නැවත කැලෑ­වට යට­වී­මට ඉඩ හැර ඇති අතර එහි ජනෙ­ල්වල සවි­කර තිබූ යකඩ කම්බි කුරුද කිසි­යම් පිරි­සක් විසින් මේ වන විට ගල­වා­ගෙන ගොස් ඇති ආකා­රය දක්නට ලැබේ.

නගර ආස­න්නයේ පිහිටි මෙම පාළු ගොඩ­නැ­ඟිල්ල තුළ රාත්‍රී කාලයේ විවිධ අප­චාර සිදු­විය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

බදුල්ල නග­රයේ පෞද්ග­ලික ගොඩ­නැ­ඟිලි කුලි­යට ගෙන සම­හර රාජ්‍ය ආය­තන පව­ත්වා­ගෙන යන බව දක්නට ලැබෙන අතර මෙම කැලෑ­වට යට­වී­මට ඉඩ­හැර තිබෙන රජයේ ගොඩ­නැ­ඟිල්ල ප්‍රති­සං­ස්ක­ර­ණය කර එලෙස කුලි­යට ලබා­ගත් ගොඩ­නැ­ඟි­ල්ලක පව­ත්වා­ගෙන යන රාජ්‍ය ආය­ත­න­යක් එම ස්ථාන­යට ගෙන ඒමට කට­යුතු කළ­හොත් විශාල රාජ්‍ය මුදල් ප්‍රමා­ණ­යක් ඉතිරි කර ගැනී­මට හැකි­වෙනු ඇතැයි ද ජන­තාව කියා සිටිති.

බදුල්ල නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT