Saturday, May 18, 2024
Home » සාමාන්‍ය පෙළ විභා­ගය අද ඇරැ­ඹෙයි

සාමාන්‍ය පෙළ විභා­ගය අද ඇරැ­ඹෙයි

බන්ධනාගාර රැඳ­වූවෝ 7ක් විභා­ගය ලියති

by damith
May 6, 2024 1:08 am 0 comment
ordinary level

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය විභාග මධ්‍ය­ස්ථාන 3527ක දී අද (06) ආරම්භ කෙරේ. විභා­ග­යට අදා­ළව සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථාන 535ක් සහ ප්‍රාදේ­ශීය එක් රැස් කිරීමේ මධ්‍ය­ස්ථාන 33ක් ක්‍රියා­ත්මක කර ඇති බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා ‘දින­මිණ’ට ඊයේ (05) පැවැ­සීය.

සාමාන්‍ය පෙළ විභා­ග­යට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම පසු­ගි­යදා (03) සිදු­කෙ­රිණි. මේ දින­යන්හි ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට ඇති වන වර්ෂා තත්ත්ව­යත් සමඟ හදිසි ආපදා තත්ත්ව­යන් ඇති වුව­හොත් ඒ සඳහා අවශ්‍ය කට­යුතු සිදු කිරී­මට ද සැල­සුම් කර ඇති බව ඒ මහතා පැව­සු­වේය. වර්ෂාව නිසා කිසි­යම් සිසු­ව­කුට විභා­ගය පව­ත්වන මධ්‍ය­ස්ථා­නය වෙත ළඟා වීමට අප­හ­සු­තා­වක් ඇති වුව­හොත් 117 ක්ෂණික දුර­ක­තන අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බව ද ඒ මහතා කීය. සාමාන්‍ය පෙළ විභා­ගය සඳහා මෙවර අපේ­ක්ෂ­ක­යන් 452, 979ක් පෙනී සිටින අතර පාසල් අය­දු­ම්ක­රු­වන් 387, 648ක් සහ පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් 65, 331ක් විභා­ග­යට අය­දුම් කර ඇත. මේ අතර අද (06) ඇර­ඹෙන අ.පො.ස.සාමාන්‍ය පෙළ විභා­ගය සඳහා රැඳ­වූවෝ 07 දෙනෙක් පෙනී සිටිති. මෙයින් 06 දෙනෙක් වට­රැක බන්ධ­නා­ගා­රයේ සුනීත පාසලේ සිසුන් වන අතර, විභාග දෙපා­ර්ත­මේ­න්තුව මඟින් එම බන්ධ­නා­ගා­රයේ ස්ථාප­නය කර ඇති විභාග මධ්‍ය­ස්ථා­න­යේදී ඔවුහු සා.පෙළ විභා­ග­යට පිළි­තුරු ලියති. එමෙන්ම මෙයට දින කීප­ය­කට පෙර අධි­ක­ර­ණය මඟින් කොළඹ මැග­සින් බන්ධ­නා­ගා­ර­යට යොමු කළ රිමාන්ඩ් සිර­ක­රු­වකු ද මෙවර සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින අතර අධි­ක­ර­ණයේ අව­ස­රය මත, ඔහු කොළඹ පාස­ලක ස්ථාපිත විභාග මධ්‍ය­ස්ථා­න­ය­කදී (ඔහු පෙර අය­දුම් කර ඇති ප්‍රදේ­ශ­යට අයත් )පිළි­තුරු ලිවීම සිදු කරයි. මේ අතර සාමාන්‍ය පෙළ වරම් ලත් වට­රැක සුනීත පාසලේ සිටි රැඳ­වූ­වන් දෙදෙ­නෙක් පසු­ගිය දා නිද­හස ලබා ඇති අතර ඔවුන් සාමාන්‍ය පෙළ විභා­ග­යට අය­දු­ම්පත් යැවූ ලිපි­නය වට­රැක බන්ධ­නා­ගා­රය බැවින් එම සිසුන් දෙදෙනා ද වට­රැක බන්ධ­නා­ගා­රයේ ස්ථාපිත විභාග මධ්‍ය­ස්ථා­න­යේදී මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය සඳහා පෙනී සිටින බව බන්ධ­නා­ගාර කොම­සා­රිස්, මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණි දිසා­නා­යක මහතා ‘දින­මිණ‘ට කීය.

සන්ධ්‍යා කරු­ණා­රත්න, බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT