Sunday, May 19, 2024
Home » මර­ණ­යට කැපවී සිට බේරා­ගත් හරක් සොරා­ගෙන

මර­ණ­යට කැපවී සිට බේරා­ගත් හරක් සොරා­ගෙන

by damith
May 6, 2024 1:08 am 0 comment

ගණ­කා­ධි­කා­ර­ව­ර­යෙකු මර­ණ­යට කැපවී සිටි ගව­යන් කීප දෙනෙකු මුදා­ගෙන තිබූ අතර ඉන් රුපි­යල් 60 දාහක් වටිනා එළ වැස්සි­යක් හා පැට­වෙකු කිසි­වෙකු විසින් සොරා­ගෙන ගොස් ඇතැයි උතුරු කළු­තර පොලි­සිය කියයි.

උග්ග­ල්බඩ, 01 කණුව ප්‍රදේ­ශයේ පදිංචි යක්දෙහි කන්දගේ මනුල තිල­ක­රත්න (අවු.51) යන අය විසින් පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ල අනුව මේ පිළි­බ­ඳව පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

තමා 2021 වස­රේදී මර­ණ­යට කැපවී සිටි ගව­යන් තිදෙ­නෙකු මුදා ගත් බවත් මෙසේ සොරා­ගෙන ගොස් ඇත්තේ ඉන් එක් වැස්සි­යක හා පැට­වෙකු බවත් ඔහු කර තිබූ පැමි­ණිල්ලේ සඳ­හන් වේ.

උතුරු කළු­තර පොලි­සිය මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

කළු­තර මධ්‍යම සමූහ- සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT