Wednesday, May 8, 2024
Home » ආමි සම­න්තගේ පුතා කුඩුත් සමඟ කොටු­ වෙයි

ආමි සම­න්තගේ පුතා කුඩුත් සමඟ කොටු­ වෙයි

by damith
April 27, 2024 1:14 am 0 comment

මොන­රා­ගල පොලි­සිය මඟින් ඉකුත් 24 වැනිදා සවස වෙලේ­වත්ත නව පාලම අසල සිදු කළ වැට­ලී­ම­කදී හෙරො­යින් මිලි­ග්‍රෑම් 5,950ක් ළඟ තබා­ගෙන සිටි සැක­ක­රු­වෙකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

සැක­කරු මොන­රා­ගල කුමා­ර­දොළ පාර සමු­ප­කා­රය අසල පදිංචි ආමි සම­න්තගේ පුතා බවට හඳු­නා­ගෙන ඇත.

මොන­රා­ගල පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ උප පොලිස් පරී­ක්ෂක ටී.එල්. ජය­සිංහ මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වෙලේ­වත්ත ප්‍රදේ­ශයේ සිදු කළ විශේෂ මෙහෙ­යු­ම­කදී වෙලේ­වත්ත නව පාලම අසල සැක­ක­ට­යුතු ලෙස හැසි­රෙන තරු­ණ­යෙකු පරීක්ෂා කිරී­මේදී ඔහුගේ කොට කලි­සමේ පිටු­පස වම් සාක්කුවේ තිබූ හෙරො­යින් මෙලෙස සොයා­ගෙන තිබේ. සැක­කරු සහ හෙරො­යින් මොන­රා­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත. මොන­රා­ගල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT