Home » සැමියාගේ හා මාමණ්ඩියගේ වධ හිංසා දරාගන්න බෑ කියා තරුණිය දිවිනසා ගනී කරදර වැඩි බව මිතුරියකටත් දැනුම් දීලා

සැමියාගේ හා මාමණ්ඩියගේ වධ හිංසා දරාගන්න බෑ කියා තරුණිය දිවිනසා ගනී කරදර වැඩි බව මිතුරියකටත් දැනුම් දීලා

by sachintha
May 8, 2024 1:59 am 0 comment

 

සිය ස්වාමිපුරුෂයාගේ හා මාමණ්ඩියගේ වධ හිංසා ඉවසීමට නොහැකිව කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ කාන්තාවක් පෙරේදා (6) ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි පී. සීතා නමැති කාන්තාවකි. ඇගේ ස්වාමියා නිතරම වධ හිංසා කරන අතර, ස්වාමියාගේ පියා ද වරින් වර ඇයට වධ හිංසා පමුණුවන බවට තොරතුරු ලැබී තිබේ. ස්වාමියාගේ පියා ඇයව ලිංගික අවශ්‍යතාවයන් සඳහා පොලඹවා ගැනීමට වාර කිහිපයක්ම උත්සාහ කොට ඇති නමුත්, ඇය ඊට අවනත නොවීම හේතුවෙන් ස්වාමියාට ඇය සම්බන්ධයෙන් අසත්‍ය දේ පැවසීම නිසා උරණ වන ස්වාමියා ද ඇයට පහර දෙන බව ඇය ඇගේ මිතුරියකට පවසා ඇත. සිද්ධිය වූ දිනයේ ද ස්වාමියා හා ඔහුගේ පියා මෙම කාන්තාවට වධ හිංසා කිරීම නිසා එම කාන්තාව නිවෙස පසුපස කොටසක ලණුවක් ගැට ගසා එහි එල්ලී මෙසේ සිය දිවි හානි කරගෙන තිබිණ.

මියගිය අයගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනවරණය වී ඇත්තේ ගෙල වැලලා ගැනීම හේතුවෙන් මරණය සිදු වූ බවයි. එහෙයින් මෘත ශරීරය අවසන් කටයුතු සිදු කිරීම පිණිස ස්වාමියා වෙත භාර දී ඇත. කිළිනොච්චිය උරුතිරපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT