Home » ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ කෝටි සීයයකට වැඩි පාඩුවක් ලබා තිබෙනවා – මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ කෝටි සීයයකට වැඩි පාඩුවක් ලබා තිබෙනවා – මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

by sachintha
May 8, 2024 1:59 am 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ කෝටි සියයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. එවන් තත්ත්වයක් යටතේ මහ බැංකු සේවකයින් සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කර ගත් බවත් එය සාධාරණ වන්නේ කෙසේ දැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරැදි වී නැති නොමැති බවයි.

ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT