Wednesday, May 8, 2024
Home » අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීති ගෙන එන යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීති ගෙන එන යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය

අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

by damith
April 27, 2024 1:20 am 0 comment

කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ මහ­නු­ව­රදී ඊයේ (26) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

කැබි­නට් මණ්ඩ­ලය පෙරේදා (25) මේ සඳහා අනු­මැ­තිය දුන් බවත්, එය ලබන මාස­යේදී පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරන බවත්, අවු­රුදු 25ක් තිස්සේ නොගෙනා පනත් ගණ­නා­වක් පසු­ගිය අවු­රුදු දෙකේදී සම්මත කිරී­මට හැකි වූ බවත් ඒ මහතා එහිදී පැව­සීය.

කැබි­නට් මණ්ඩ­ල­යේදී සාකච්ඡා කර එකඟ වීමට හැකි හොඳම තීන්දු ගන්නා බවද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ධුර­යට පත් වීම කැබි­නට් මණ්ඩ­ල­යෙන් ඉවත් වීමට හෝ ඉවත් කිරී­මට හේතු­වක් නොවන බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණ­නා­වක සාමා­ජි­ක­යන් එහි සිටින බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT