Home » ශ්‍රී ලංකා පිලේ දෙවැනි තර­ගය අද
කාන්තා ලෝක කුස­ලාන සුදු­සු­කම් ලැබීමේ

ශ්‍රී ලංකා පිලේ දෙවැනි තර­ගය අද

by damith
April 27, 2024 1:20 am 0 comment

විස්සයි20 කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා පිල සහ­භාගී වන දෙවැනි තර­ගය අද (27) අබු­ඩා­බියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ස්කොට්ල­න්ත­යට එරෙ­හිව පැවැත්වේ. මේ තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් රාත්‍රි 9.00ට ආරම්භ වීමට නිය­මි­තය.

‘ඒ’ කාණ්ඩ­යෙන් තෙවැනි තර­ගය මෙය අතර, මේ කණ්ඩා­යම් දෙක පෙරේදා පැවති තර­ග­ව­ලින් පහසු ජය­ග්‍ර­හණ අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා පිල තායි­ල­න්තය ලකුණු 67කින් පරා­ජය කර­මින් ප්‍රසාද ලකුණු 2ක් සමඟ 3.350ක දළ ලකුණු වේග­යක් හිමි කර ගත් අතර, එම තර­ග­යේදී ශ්‍රී ලංකා පිති­කා­රි­නි­යන්ට වඩා පන්දු යව­න්නි­යන්ගේ දස්කම් කැපී පෙනුණි. එහිදී ඉනෝෂි ප්‍රිය­ද­ර්ශනී කඩුලු 3ක් සහ උදේ­ශිකා ප්‍රබෝ­ධනි කඩුලු 2ක් දවා ගත්හ.

එදින උග­න්ඩා­වට එරෙ­හිව ලකුණු 109ක දැවැන්ත ජයක් හිමි කර ගත් ස්කොට්ල­න්තය 5.450ක දළ ලකුණු වේග­ය­කට හිමි­කම් කිය­මින් ‘ඒ’ කාණ්ඩයේ පෙර­මුණ ගත්තේය.

ඒ අනුව අද තර­ගය ‘ඒ’ කාණ්ඩයේ අප­රා­ජි­ත­යන්ගේ සට­නක් බවට පත්ව තිබේ.

මේ දෙපිල මින් පෙර විස්සයි20 තරග බිමේදී හමුව ඇත්තේ එක් වරක් පමණි. එම තර­ග­යෙන් ලකුණු 109ක දැවැන්ත ජයක් හිමි කර ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් වූ අතර, එය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම ලකුණු අනුව විස්සයි20 තර­ග­ය­කදී වාර්තා කළ ඉහ­ළම ජය­ග්‍ර­හ­ණය විය.

එම තර­ග­යේදී කණ්ඩා­යම් මෙහෙ­යවූ චමරි අත­පත්තු සහ කැත්රින් බ්රයිස් මේ තර­ග­යේ­දීත් දෙපිලේ නාය­ක­යන් ලෙස කට­යුතු කරති.

මේ අතර පෙරේදා පළමු දිනයේ ‘බී’ කාණ්ඩය යටතේ පැවති තර­ග­ව­ලින් කැපී පෙනෙන ජය­ග්‍ර­හ­ණක් වාර්ත කිරී­මට වනු­වාටු කණ්ඩා­යම සමත් වූයේ සිම්බාබ්වේ පිල කඩුලු 6කින් පරා­ජය කර­මිනි. අය­ර්ල­න්තය කඩුලු 6කින් එමීර් පිල පරා­ජය කළේය.

අද නෙද­ර්ල­න්තය – වනු­වාටු, උග­න්ඩාව – අමෙ­රි­කාව තරග 4.30ට ආරම්භ වන අතර, එමීර් – සිම්බාබ්වේ තර­ගය රාත්‍රි 9.00ට ආරම්භ වෙයි.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT