Home » ජනා­ධි­පති කාර්යා­ල­යට මිනිත්තු 5කින් ළඟා වීමේ දුර­කට චීන ප්‍රහා­රක ගුව­න්යානා පියා­සර කරලා

ජනා­ධි­පති කාර්යා­ල­යට මිනිත්තු 5කින් ළඟා වීමේ දුර­කට චීන ප්‍රහා­රක ගුව­න්යානා පියා­සර කරලා

තායි­වාන විශ්‍රා­මික ගුවන් හමුදා ප්‍රධා­නියා කියයි

by damith
April 27, 2024 1:20 am 0 comment

චීන ප්‍රහා­රක ගුවන් යානා දෙකක් තායි­වා­නයේ කීලංග් නුව­රට කිලෝ­මී­ටර් 76ක් පමණ ඉතා ආස­න්න­යට පැමිණි බවට එරට විශ්‍රා­මික ගුවන් හමුදා ලුති­නන් ජෙන­රා­ල්ව­ර­යකු සහ හමුදා විශේ­ෂ­ඥ­යකු ප්‍රකාශ කිරි­මත් සමඟ එරට ගුවන් ආර­ක්ෂක පද්ධ­තිය සූදා­න­මින් තැබී­මට තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය පිය­වර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායි­වාන දූපතේ උතුරු කෙළ­වර පිහිටි කීලංග් නුව­රට කිලෝ­මී­ටර් 76ක් දුරින් තායි­වාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව උල්ලං­ඝ­නය කර­මින් පැමිණ ඇතැයි කියන චීන විමුක්ති හමු­දා­වට අයත් එම ප්‍රහා­රක ගුවන් යානා­ව­ලට එතැන සිට තායිපේ අග­නු­වර පිහිටි ජනා­ධි­පති කාර්යාල ගොඩ­නැ­ඟි­ල්ලට ළඟා­වී­මට වැය වන්නේ මිනිත්තු 5ක් තරම් කෙටි කාල­යක් බවත් විශ්‍රා­මික ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිල­ධා­රියා ප්‍රකාශ කර ඇතැයි තායි­වාන මාධ්‍ය සඳ­හන් කර තිබේ.

මේ සිදු­වී­මත් සමඟ චීන ගුව­න්යානා ආක්‍ර­ම­ණය පිළි­බඳ වැඩි අව­ධා­න­යෙන් පසු­වන බව තායි­වාන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා නිවේ­ද­නය කර ඇති අතර, චීන­යෙන් එල්ල­විය හැකි ඕනෑම තර්ජ­න­යක් මැඬ පැවැ­ත්වී­මට කට­යුතු කරන බවට ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා ජන­තා­වට සහ­තික කර ඇතැයි ද එරට මාධ්‍ය සඳ­හන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT