Home » භානුකගෙන් කළකට පසු දැවැන්ත ප්‍රහාරයක්

භානුකගෙන් කළකට පසු දැවැන්ත ප්‍රහාරයක්

by sachintha
May 7, 2024 1:58 am 0 comment

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන තුන්කොන් පුහුණු තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී ජනිත් ලියනගේ නායකත්වය දරණ කොළ කණ්ඩායම කහ කණ්ඩායමට එරෙහිව ලකුණු 99ක ජයක් වාර්තා කළේය. කොළ කණ්ඩායමේ භානුක රාජපක්ෂ හයේ 4ක් හා හතරේ 13ක් සමඟ පන්දු 36කදී ලකුණු 88ක් ලබා ගත්තේය. එමෙන්ම නායක ජනිත් ලියනගේ පන්දු 35කදී හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 70ක් ලබා ගැනීම හේතුවෙන් කඩුලු 5කට ලකුණු 252ක් රැස් කළහ.

ලකුණු 253ක ඉලක්කයක් හඹාගිය වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කහ කණ්ඩායම සියලු දෙනා ලකුණු 153කට දැවී ගියහ. වැඩිම ලකුණු ලබාගත් සදීර සමරවික්‍රම ලකුණු 38ක් ලැබීය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ 42ක් කහ, රතු සහ කොළ ලෙස කණ්ඩායම් 3කට බෙදා විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එම තරගාවලිය මේ මස 11 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ තරගාවලියෙන් ලෝක කුසලාන තරගාවලියට එක් වන අවසන් සංචිතය තෝරා ගැනීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කොළ කණ්ඩායම කඩුලු 5කට ලකුණු 252 (20)

භානුක රාජපක්ෂ 88, ජනිත් ලියනගේ 70, කුසල් පෙරේරා 33, දිනේෂ් චන්දිමාල් 16, රමේෂ් මෙන්ඩිස් නොදැවී 35 ( අසිත ප්‍රනාන්දු 36/2)

ශ්‍රී ලංකා ක්‍රිකට් කහ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 153 (16.2)

සදීර සමරවික්‍රම 38, නුවනිඳු ප්‍රනාන්දු 26 ( ගරුක් සන්කෙත් 27/2, තරිඳු රත්නායක 25/4)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT