Home » ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහගේ අවසන් කටයුතු අද

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහගේ අවසන් කටයුතු අද

by sachintha
May 8, 2024 1:50 am 0 comment

පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර හතළිහක පමණ කාලයක් කටයුතු කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් අමරසිංහ මහතාගේ අවසන් කටයුතු බැද්දගාන පොදු සුසාන භූමියේදී අද (08) පස්වරු 3.00ට සිදුකිරීමට නියමිතය.

මිය යන විට 69 වැනි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියකු වන අතර ඒ මහතාගේ දේහය තලංගම මහින්ද පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

දවස පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර ඇති ඒ මහතා ඉන්පසු දිවයින පුවත්පතේ ද සේවය කිරීමෙන් පසු සිරස මාධ්‍ය ජාලයේ සිරස සහ වයි එෆ්.එම්. ගුවන් විදුලිවල ප්‍රවෘත්ති සංස්කාරක ලෙස දිගු කලක් සේවය කර තිබේ. පසුකාලීනව රන්දිව, ලංකාදීප, පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියකු ලෙසත් ලංකා ඊ නිව්ස් සහ මව්බිම වෙබ් අඩවියෙත් කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT