Monday, May 20, 2024
Home » මැංගුස් සටන ජය පැරදුම් නෑ

මැංගුස් සටන ජය පැරදුම් නෑ

by sachintha
May 8, 2024 1:49 am 0 comment

තිස්ස විදුහල් නායක හිරුෂ නෙත්සර සහ කළුතර විදුහල් නායක යුතික දිල්රුක් සම ශූරතා පලිහ ලබාගත් අයුරු. තිස්ස විදුහලේ විදුහල්පති දිනෙත් මාලිංග ජයතුංග සම කළුතර විදුහලේ විදුහල්පති චතුරංග ප්‍රදීප් ලීලාරත්න මහත්වරු ද මෙහි වෙති.

කළුතර තිස්ස මධ්‍ය විදුහල සහ කළුතර විදුහල අතර 64 වැනි මංගුස් සටන දෙදින තරගය ජය පරාජයෙන් තොරව නිමා වන පත් විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් තිස්ස විදුහල පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 250ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළුතර විදුහල තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස් කර තිබිණි.

කෙසේ වෙතත් මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවති එක්දින තරගය ජය ගැනීමට තිස්ස විදුහල සමත් විය.

තිස්ස මැදි විදුහල් පළමු ඉනිම – 250/8 (ඕවර 70.2) අජිත බුද්ධිල නොදැවී 61, මිනූෂ මලිත් 59, ඉෂාර මලිත් 51 (කවුෂිල අමෝද්‍ය 104/4, නිකිත ෆොන්සේකා 44/2)

කළුතර විදුහල් පළමු ඉනිම – 191/8 (ඕවර 105) කවුෂිල අමෝද්‍ය 75, නිතික ෆොන්සේකා 34, ලිවිරු සෙන්මිත් 21(රන්දික පියුම් 42/3)

කළුතර මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT