Home » ගාසා තීරයේ නව සටන් විරාමයට හමාස් එකඟ වෙයි

ගාසා තීරයේ නව සටන් විරාමයට හමාස් එකඟ වෙයි

by sachintha
May 8, 2024 1:49 am 0 comment

කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව ඉදිරිපත් කළ ගාසා තීරයේ නව සටන් විරාම ගිවිසුමට හමාස් සංවිධානයේ කැමැත්ත පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සංවිධානයේ දේශපාලන නායකයා මේ බව කටාර් අගමැතිවරයාට සහ ඊජිප්තුවේ බුද්ධි අංශ ප්‍රධානියාට දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එසේ වුවද එම සටන් විරාම ගිවිසුමෙහි ඊශ්‍රායලයේ මූලික අවශ්‍යතා ප්‍රමාණවත් පරිදි ගොනු වී නැති බවත්, තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇති බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

නව සටන් විරාම ගිවිසුම අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, අදියර දෙකම දින 42කට බලපාන පරිදි තීරණය කර ඇතැයි වාර්තා වේ. පළමු අදියරේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල හමුදාවේ සෙබළියන් නිදහස් කිරීමටත්, ඒ සඳහා ඊශ්‍රායලයේ සිරගත කර සිටින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ අය ඇතුළුව පලස්තීන ජාතිකයන් 50 දෙනකු නිදහස් කිරීමටත් යෝජනා වී ඇති අතර, සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් දින 11කට පසුව ගාසා තීරයේ රැඳී සිටින ඊශ්‍රායල හමුදාව ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් යෝජනා වී ඇතැයි වාර්තා වේ. අනතුරුව තවත් දින 11කට පසු අවතැන් වී සිටින පලස්තීන ජාතිකයන්ට නැවත ගාසා තීරයට පැමිණීමට අවසර ලබා දිය යුතුව ඇතැයි ද යෝජනා වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT