Monday, May 20, 2024
Home » ලෝක කුසලානයේ වයස්ගතම ක්‍රීඩකයා උගන්ඩාවෙන්

ලෝක කුසලානයේ වයස්ගතම ක්‍රීඩකයා උගන්ඩාවෙන්

by sachintha
May 8, 2024 1:48 am 0 comment

අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය දූපත්වලදී පැවැත්වීමට නියමිත එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පළමුවරට ක්‍රීඩා කරන උගන්ඩා කණ්ඩායම නම් කර ඇති අතර එම කණ්ඩායමට ඇතුළත් වී සිටින පිට දඟපන්දු යවන 43 හැවිරිදි ෆ්‍රෑන්ක් නුසුබුගා මෙවර තරගාවලියට ක්‍රීඩා කරන වයස්ගතම ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට ඇතුළත් වී සිටියි.

බ්‍රයන් මසාබාගේ නායකත්වය යටතේ නම් කළ ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත උගන්ඩා පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවේ ඒ සඳහා වන අප්‍රිකානු රටවල සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අනුශූරයන් බවට පත්වීම හේතුවෙනි. එහිදී ශූරතාව දිනූ නැමීබියාව ද තරගාවලියට එක්වී සිටි.

මෙවර තරගාවලියේදී උගන්ඩාව ‘සී’ කාණ්ඩයෙන් තරග වදින අතර නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් පිල, ඇෆ්ගනිස්තානය සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම ද එම කාණ්ඩයට ඇතුළත් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT