Home » ක්‍රිකට් ජය කලම්බු මාස්ටර්ස්ට

ක්‍රිකට් ජය කලම්බු මාස්ටර්ස්ට

by sachintha
May 8, 2024 1:47 am 0 comment

කලම්බු මාස්ටර්ස් ක්‍රිකට් සංගමය මෙහෙයවනු ලැබූ අවුරුදු 50න් ඉහළ ප්‍රවීණයන්ගේ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී රාජ්‍ය සේවා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කළ කලම්බු මාස්ටර්ස් පිල ශූරතාව දිනා ගැනීමට සමත් විය.

පසුගියදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී රාජ්‍ය සේවා පිල ඕවර 18.4කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු මාස්ටර්ස් පිල ඕවර 14.3කදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. කලම්බු මාස්ටර්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ක්‍රීඩකයන් ජයග්‍රාහකයන්ට පිරිනැමූ වෛද්‍ය ආර්.ඒ.එච්. සොයිසා කුසලානය සමඟ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT