Home » ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

by sachintha
May 8, 2024 1:52 am 0 comment

ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය වෙනුවෙන් පූර්ණ සහයෝගීතාව දෙන බව ආසියානු සංවර්ධන බැංකු පාලක මණ්ඩල සැසිය හමුවේ ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

සාමාජික රටවල් සමඟ උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගීතාව දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලය සඳහා වූ සැසියේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද පෙන්වා දුන්නේය.

“ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම සහ ප්‍රවීණත්වය සිය සාමාජික රටවල් බහුවිධ අභියෝගවලට සූදානම් කරවීමට බෙහෙවින් උපකාර වෙනවා. එම දැනුම, සාමාජික රටවල අභියෝග අවම කිරීමට සේම සමබර පරිසරය හා තිරසර සංවර්ධනයට අවශ්‍යයි.”

ආර්ථික සහ මූල්‍ය වශයෙන් මෑත කාලයේ අපේ රට මුහුණ දුන් අභියෝග මෙන්ම ඒවා ජය ගැනීමට ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා කරුණු දක්වා තිබෙන අතර, ඊට අමතරව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් සම්බන්ධයෙන් ද අදහස් දක්වා තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT