Home » බුද්ධි අංශ මැදිහත්වීම සොයා බැලීමේ ඉල්ලීමට පාකිස්තාන අගවිනිසුරු පිටුපෑ බවට චෝදනා

බුද්ධි අංශ මැදිහත්වීම සොයා බැලීමේ ඉල්ලීමට පාකිස්තාන අගවිනිසුරු පිටුපෑ බවට චෝදනා

by sachintha
May 8, 2024 1:52 am 0 comment

පාකිස්තානයේ අධිකරණ කටයුතුවලට එරට බුද්ධි අංශයෙන් බලපෑම් එල්ල වීමේ සිදුවීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය ලබාගැනීමට සියලු විනිසුරුවරුන් අගවිනිසුරු කාසි ෆායිස්ගෙන් ඉල්ලා සිටිය ද ඔහු එම ඉල්ලීම ඉවත දමා ඇතැයි ද ඒ වෙනුවට එම සිදුවීම විමර්ශනය කිරීමට කොමිසමක් පත් කරන ලෙස අගමැති ශෙබාස් ශෙරීෆ්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි විනිසුරුවරුන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් සම්බන්ධව අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය කනගාටුදායක කරුණක් බව පාකිස්තානයේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. රටේ සම්පූර්ණ අධිකරණ පද්ධතිය එක් මතයක සිටියදී අගවිනිසුරුවරයා වෙනත් මතයක් දැරීම විමතියට කරුණක් බව ද ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

අධිකරණ කටයුතුවලට බුද්ධි අංශයේ මැදිහත්වීම් වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස පාකිස්තාන විනිසුරුවරුන් විශාල පිරිසක් පාකිස්තාන අගවිනිසුරු කාසි ෆායිස් ඉසාට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මන්සූර් අලි ෂා සහ මුනිබ් අක්තාර් ඇතුළු ප්‍රධානින් පිරිසක් වෙත එම ලිපිය යොමු කර තිබූ අතර, ඒ සඳහා සාක්ෂි වශයෙන් බුද්ධි අංශ මැදිහත් වූ සිදුවීම් 7ක් ද ලිපියට ඇතුළත් කර තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT