Home » නීති­පති උප­දෙස් පතා නඩුව ජූනි 27 දා යළි කැඳ­වයි
නීතිඥ විශ්‍රා­මික මේජර් අජිත් ප්‍රස­න්නට පහර දීම:

නීති­පති උප­දෙස් පතා නඩුව ජූනි 27 දා යළි කැඳ­වයි

by damith
April 27, 2024 1:04 am 0 comment

කොල්ලු­පි­ටිය අර­ලි­ය­ගහ මන්දි­රය ඉදි­රි­පි­ටදී 2019 වසරේ නොවැ­ම්බර් මස පළ­මු­වැ­නිදා නීතිඥ විශ්‍රා­මික මේජර් අජිත් ප්‍රසන්න මහ­තාට හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී පාලිත තෙව­ර­ප්පෙ­රුම සහ හේෂා විතා­නගේ මහ­ත්ව­රුන් පහර දීමක් කළ බව කියන සිද්ධි­ය­කට අදා­ළව නඩුව කැඳවූ අව­ස්ථා­වේදී හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී පාලිත තෙව­ර­ප්පෙ­රුම මහතා මිය­ගිය ගිය බව කොල්ලු­පි­ටිය පොලි­සිය පෙරේදා (25) කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා හමුවේ දන්වා සිටි­යේය.

ඒ අනුව ඉදිරි දින ඒ මහ­තාගේ මරණ සහ­ති­කය ගොනු කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා කොල්ලු­පි­ටිය පොලි­සි­යට නියෝග කළේය. මේ සිද්ධියේ දෙවන සැක­කාර පාර්ලි­මේන්තු මන්ත්‍රී හේෂා විතා­නගේ මහතා නඩුව කැඳ­වන අව­ස්ථා­වේදී විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටියේ නැති අතර, ඔහු පාර්ලි­මේන්තු සැසි­වාර සඳහා සම්බන්ධ වී ඇතැයි ඔහු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ තිළිණ වීර­සිංහ මහතා අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. ඉදිරි දින ඊට අදාළ ලිපිය ඉදි­රි­පත් කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නීති­ඥ­ව­ර­යාට දන්වා සිටි­යේය. සිද්ධිය නීති­පති උප­දෙස් සඳහා ලබන ජුනි මස 27 වැනි­දාට යළි කැඳ­වන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් කෝසල සේනා­ධීර මහතා ඊයේ (25) නියෝග කළේය. සිද්ධි­යට අදා­ළව කොල්ලු­පි­ටිය පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT